චීන ප්‍රතිසංස්කරණය පූර්ණ ලෙස තහවුරු කිරීමේ ප්‍රමුඛ අරමුණ
2024-07-19 19:39:34
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි මධ්‍යම කාරක සභාවේ 3 වැනි පූර්ණ සැසියේ හරය පිළිබඳ පැහැදිලි කිරීම සඳහා චීනයේ කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද (19) මාධ්‍ය හමුවක් පැවැත්වීය.

සැසියේ දී සම්මත කෙරුණු ‘ප්‍රතිසංස්කරණ අංගසම්පූර්ණ ලෙස තවදුරටත් තහවුරු කරමින් චීන මාදිලියේ නවීකරණය ඉදිරියට පවත්වාගෙන යාම පිළිබඳ චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ තීරණය’හා සම්බන්ධ පුළුල් අරමුණු එහිදී පැහැදිලි කෙ‍රිණ. චීන මාදිලියේ සමාජවාදී ක්‍රමවේදය තවදුරටත් සහතික කිරීම, රටේ පාලන පද්ධතිය හා ශක්‍යතා නවීකරණය කරා රැගෙන යාම ඊට ඇතුළත් ය. මේ අනුව, 2035 වසර වන විට, උසස් මට්ටමේ සමාජවාදී වෙළඳපොළ ආර්ථික ක්‍රමවේදය අංගසම්පූර්ණ ලෙස ගොඩනැගිය යුතු වේ. එසේම, සමාජවාදී නවීකරණය මූලික වශයෙන් සාක්ෂාත් කර, වසර 2050 වන විට, නවීන මෙන්ම බලවත් රටක් ලෙස චීනය ගොඩනැංවීම සඳහා ස්ථිර පදනමක් සැකසීම ද මෙමගින්  අපේක්ෂිත ප්‍රමුඛ අරමුණකි. චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ ප්‍රතිසංස්කරණ කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානී Mu Hong මහතා එම මාධ්‍ය හමුවේදී මේ බව විග්‍රහ කළේය.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම