2024 මුල් භාගයේ චීනයේ අන්තර්ජාල සිල්ලර විකුණුම්වල වටිනාකම ඉහළට
2024-07-19 15:53:12
Share with:

මෙම වසරේ මුල් භාගය තුළ චීනයේ අන්තර්ජාල සිල්ලර වෙළඳාමේ පරිභෝජනය යථා තත්ත්වයට පත් වීම ප්‍රවර්ධනය වී ඇති අතර, ඊ-වාණිජ්‍ය ජාත්‍යන්තර ආර්ථික සහ වෙළඳ සහයෝගීතාව අඛණ්ඩව පුළුල් වී ඇති බව චීන වාණිජ අමාත්‍යාංශය පවසයි.

මෙම වසරේ මුල් භාගයේ දී, චීනයේ අන්තර්ජාල සිල්ලර අලෙවි වටිනාකම චීන යුවාන් ට්‍රිලියන 7.1 ක් වූ අතර, එය පසුගිය වසරේ සමාන කාලයට සාපේක්ෂව 9.8% ක වැඩිවීමකි. මෙම වසරේ ප්‍රධාන ඊ-වාණිජ්‍ය වේදිකාවල පර්යේෂණ සහ සංවර්ධන ආයෝජනය චීන යුවාන් බිලියන 48 ඉක්මවා ඇති අතර, කෘත්‍රිම බුද්ධි තාක්ෂණික අංශයේ පරිභෝජනය, මෙහෙයුම්, ප්‍රවාහනය ඇතුළු අංශවල භාවිතය ද ඉහළ ගොස් ඇති බව ප්‍රකාශ කෙරිණ.

එමෙන්ම, මේ වන විට චීනය සර්බියාව, බහරේනය සහ ටජිකිස්ථානය සමග නව ඊ-වාණිජ්‍ය සහයෝගිතා ලේඛන කිහිපයකට අත්සන් කර ඇති අතර, “සේද මාවතේ ඊ-වාණිජ්‍ය” හවුල්කාර රටවල් සංඛ්‍යාව 33 දක්වා වැඩි කර ඇති බව ද වාර්තා වෙයි.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම