ශ්‍රී ලංකාවේ ලෝක උරුමයන් රැක ගන්න යුනෙස්කෝ සහාය
2024-07-19 17:28:05
Share with:

පුරාවිද්‍යා දෙසතිය වැඩසටහන වෙනුවෙන් සිදු කිරීමට නියමිත සීගිරියේ සිංහ පාද මළුව භූමිය පරිහරණයට පහසු වන ආකාරයට සකස් කිරීමට අවශ්‍ය කැණීම් සංරක්ෂණ කටයුතු යුනෙස්කෝ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් Audrey Azoulay මහත්මිය සහ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (18) සිදු කෙරුණි.

එසේම යුනෙස්කෝ සංවිධානය ආධාර ලබා දුන්, මේ වන විට ක්‍රියාත්මක වන ව්‍යාපෘතිවල වත්මන් ප්‍රගතිය පරීක්ෂා කිරීම පිළිබඳව අවධානය යොමු වූ අතර ඉදිරියේ දී යුනෙස්කෝ සංවිධානයේ ආධාර උපකාර වැඩි වශයෙන් ලබා දිය යුතු ව්‍යාපෘති පිළිබඳව අධ්‍යක්ෂ ජනරාල්වරිය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා සමග එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබුණි. ඒ අනුව තවදුරටත් ශ්‍රී ලංකාවේ ලෝක උරුමයන් රැකගැනීම සඳහා යුනෙස්කෝ සංවිධානයේ සම්පූර්ණ සහාය ලබා දෙන බවද අධ්‍යක්ෂ ජනරාල් Audrey Azoulay මහත්මිය ප්‍රකාශ කර ඇත.

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම