චීන විදේශ උප අමාත්‍යවරයා ද්විපාර්ශ්වික සාකච්ඡා වෙනුවෙන් ජපානයේ සහ දකුණු කොරියාවේ නිල සංචාරයකට සූදානම්
2024-07-19 19:57:51
Share with:

චීන විදේශ උප අමාත්‍ය Ma Zhaoxu මහතා ද්විපාර්ශ්වික සංවාද සහ සාකච්ඡා පැවැත්වීමට  ජපානයේ  සහ දකුණු කොරියාවේ නිල සංචාරයකට  සූදානම් වෙයි.

ආරාධනාවට අනුව, Ma Zhaoxu මහතා ජූලි 21 සිට 25 දක්වා ජපානයේ ටෝකියෝ සහ දකුණු කොරියාවේ සෝල් අගනුවර වෙත ගොස්, ජපාන විදේශ උප අමාත්‍ය Masataka Okano සහ දකුණු කොරියාවේ විදේශ උප අමාත්‍ය Kim Hong-kyun මහත්වරුන් සමග වෙන් වෙන් වශයෙන් චීන-ජපාන උපායමාර්ගික සංවාදයේ 16 වැනි වටය සහ චීන-දකුණු කොරියානු විදේශ අමාත්‍යාංශ ඉහළ මට්ටමේ උපායමාර්ගික සංවාදයේ 10 වැනි වටය පවත්වනු ඇතැයි චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Lin Jian මහතා අද (19) පැවති නිත්‍ය මාධ්‍ය  හමුවේදී පැවසීය.

සංවාදය හරහා සන්නිවේදනය සහ සහයෝගීතාව වැඩි දියුණ කිරීමටත්, චීන-ජපාන සබඳතාව සහ චීන-දකුණු කොරියානු සබඳතාව ඵලදායී සහ ස්ථාවර මට්ටමින් ප්‍රවර්ධනය කිරීමටත් චීනය අපේක්ෂා කරන බව Lin Jian මහතා එහිදී පෙන්වා දුන්නේය.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම