චීනයේ විශාල වෙළඳපොළ ලෝකයට වටිනා අවස්ථා ගෙන දෙන ස්ථානයක් බවට පත් කරන බව චීනය පවසයි
2024-07-19 18:41:24
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි මධ්‍යම කාරක සභාවේ 3 වැනි පූර්ණ සැසියේ හරය පිළිබඳ පැහැදිලි කිරීම සඳහා චීනයේ කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද (19) මාධ්‍ය හමුවක් පැවැත්වීය.  

එම සැසියේදී ‘ප්‍රතිසංස්කරණ අංගසම්පූර්ණ ලෙස තවදුරටත් තහවුරු කරමින් චීන මාදිලියේ නවීකරණය ඉදිරියට පවත්වාගෙන යාම පිළිබඳ චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ තීරණය’  අනුමත කෙරිණ. එම තීරණයට අනුව, ජාත්‍යන්තර ඉහළ ප්‍රමිතියෙන් යුත් ආර්ථික හා වෙළඳ නීති සමග පෙළගැසීමට සහ වඩා උසස් මට්ටමේ විවෘත ආර්ථික පද්ධතියක් ගොඩනැගීමට අවශ්‍ය වන බව චීනයේ කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මූල්‍ය කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ සහ කෘෂිකාර්මික කාර්යාලයේ අධ්‍යක්ෂ Han Wenxiu මහතා එහිදී පෙන්වා දුන්නේය.

අවම සංවර්ධිත රටවලට ඒකපාර්ශ්වික විවෘත කිරීම් චීනය පුළුල් කරනු ඇති බවත්, ස්වාධීන විවෘත කිරීම් වැඩි කරමින් විදේශිකයන් සඳහා චීනයට ඇතුල්වීම, චීනයේ පදිංචි වීම, වෛද්‍ය ප්‍රතිකාර සහ ගෙවීම් ඇතුළු කරුණු පහසු කරන බවත් ඔහු කියා සිටියේය. “එක් තීරයක් එක් මාවතක්” වැඩපිළිවෙළ උසස් තත්ත්වයෙන් ඒකාබද්ධ ගොඩනැගීමෙන්, චීනයේ විශාල වෙළඳපොළ ලෝකයේ වටිනා අවස්ථා ගෙන දෙන ස්ථානයක් බවට පත් කරන බව Han Wenxiu මහතා එහිදී වැඩිදුරටත් සඳහන් කර ඇත.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම