අසත්‍ය තොරතුරු නිර්මාණය‍ කිරීමේ ඇමරිකාවේ ක්‍රියාවන් පිළිබඳ ජගත් ප්‍රජාවට කඩිනම් පැහැදිලි කිරීමක් අවශ්‍ය බවට චීනයෙන් ප්‍රකාශයක්
2024-07-19 18:26:21
Share with:

ඇමරිකාවේ මාධ්‍ය වාර්තාවලට අනුව ගෙවී ගිය වසර 12 තුළ ඇමරිකාවේ නාවික සේනාංකය ප්‍රථම වරට “ප්‍රයෝග” නමින් රෙගුලාසියක් නිකුත් කරයි. සතුරු පාර්ශ්වයන්ට වංචා කිරීම හා අසත්‍ය ‍තොරතුරු නිර්මාණය කිරීම එම රෙගුලාසියට ඇතුළත් ය.

ඒ සම්බන්ධයෙන් චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක Lin Jian මහතා අද(19) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් කියාසිටියේ ඇමරිකාව වංචා කිරීමෙන් ජපත් ප්‍රජාව පාලනය කිරීම හා මෙහෙයවීමේ කාලය මේ වනවිට අවසන්ව ඇති බවයි. සෙසු රටවල් වෙත ඇමරිකාව චෝදනා එල්ල කිරීම වහාම නතර කරමින් සිය ප්‍රතිලාභ වෙනුවෙන් දිගුකාලීනව අසත්‍ය තොරතුරු නිර්මාණය කිරීම පිළිබඳව ඇමරිකාව ජගත් ප්‍රජාවට කඩිනමින් නිසි පැහැදිලි කිරීමක් කළ යුතු බව ද Lin Jian මහතා අවධාරණය කර ඇත.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම