චීන මාදිලියේ නවීකරණය සාක්ෂාත් කර ගැනීම ප්‍රවර්ධනය කිරීම පිළිබඳ චීන කොමියුනිස්ට් පක්ෂයේ තීරණාත්මක ක්‍රියාමාර්ග
2024-07-19 00:42:50
Share with:

ජූලි මස 18වනදා සාර්ථකව නිමාවට පත් වූ චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි මධ්‍යම කාරක සභාවේ 3 වැනි පූර්ණ සැසිය, චීන ප්‍රතිසංස්කරණ හා විවෘතභාවය පිළිබඳ ක්‍රියාවලියේ තවත් සංධිස්ථානයක් බවට පත්වනු ඇත.

වත්මන් චීනය, චීන මාදිලියේ නවීකරණය සමගින් අංගසම්පූර්ණයෙන් ශක්තිමත් රටක් ගොඩනැගීම හා ජාතික පුනර්ජීවන මෙහෙයුම ඉදිරියට ගෙන යාමේ කේන්ද්‍රීය යුගයකට පිවිස ඇත. චීනයේ උත්තරීතර නායක ෂී ජින් පිං මහතා අවධාරණය කළේ ප්‍රතිසංස්කරණ හා විවෘතභාවය, චීන මාදිලියේ නවීකරණය සාර්ථක වීමේ තීරණාත්මක මෙවලමක් බවයි. 

මෙවර සැසියේ දී අනුමත කරන ලද චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ තීරණය, ෂී ජින් පිං මහතා කේන්ද්‍ර කරගත් චීන කොමියුනිස්ට් පක්ෂය චීන මාදිලියේ නවීකරණය සම්පූර්ණ කිරීම හා සංවර්ධනය කිරීම, රටේ පාලන ක්‍රමවේදයේ සහ එහි ශක්‍යතාවයේ නවීකරණය ප්‍රවර්ධනය කිරීමේ අපේක්ෂාව මනාව පිළිබිඹු කරයි. එමෙන්ම අංගසම්පූර්ණ ලෙස ප්‍රතිසංස්කරණ තවදුරටත් තහවුරු කරමින් චීන මාදිලියේ නවීකරණයේ අනාගතය ආරම්භ කිරීමේ දැඩි අධිෂ්ඨානය ද ඉන් පිළිබිඹු කෙරේ.

මෙම තීරණය තුළ ප්‍රතිසංස්කරණ පිළිබඳ පූර්ණ ක්ෂේත්‍ර සම්බන්ධ කරුණු ද අඩංගු වේ. උසස් ගුණාත්මකභාවයෙන් යුත් සමාජවාදී වෙළඳපොළ ආර්ථිකයක් ගොඩනැගීම, උසස් තත්ත්වයේ ආර්ථික සංවර්ධන යාන්ත්‍රණය වැඩි දියුණු කිරීම, ග්‍රාමීය-නාගරික ඒකාබද්ධ සංවර්ධන ක්‍රමවේදය සහ උසස් මට්ටමේ විවෘතභාවය පිළිබඳ ක්‍රමවේදය වැඩි දියුණු කිරීම ඊට ඇතුළත් ය. විශේෂයෙන්ම ප්‍රතිසංස්කරණ වැඩිදුරටත් ක්‍රියාත්මක කිරීම සහ චීන මාදිලියේ නවීකරණය ප්‍රවර්ධනය කිරීම පිළිබඳ ආණ්ඩු පක්ෂයේ නායකත්වය ශක්තිමත් කිරීම සම්බන්ධව ද එහිදී පෙන්වා දී ඇත. 

චීන මාදිලියේ නවීකරණයේ ලක්ෂණ සහ අභ්‍යන්තර අවශ්‍යතාවන්ට අනුව මෙම තීරණය මගින් සවිස්තරාත්මක විධිවිධාන ඉදිරිපත් කර ඇත. රට පුරා ඒකාබද්ධ විස්තීර්ණ වෙළඳපොළක් ස්ථාපිත කරමින් වෙළඳපොළ ආර්ථිකයේ මූලික ක්‍රම පරිපූර්ණ කිරීමේ නිරත විය යුතුය. විවිධ ප්‍රදේශවල පවතින වෙනස් තත්ත්වයන්ට අනුව නව ගුණාත්මක ඵලදායීතාව ප්‍රවර්ධනය කිරීමේ ක්‍රමය ද ඉදිරිපත් කර ඇත. එමෙන්ම සැබෑ ආර්ථිකය සහ ඩිජිටල් ආර්ථිකය සම්මිශ්‍රණය කර සංවර්ධනය කිරීම සහ නවීන යටිතල පහසුකම් සංවර්ධනය කිරීම පිළිබඳව ද මෙහිදී උපදෙස් දී තිබේ. 

චීනයේ දැවැන්ත වෙළඳපොළ ප්‍රයෝජනයට ගනිමින් ජාත්‍යන්තර සහයෝගීතාවන් තුළ දී සිය විවෘත ශක්‍යතාව වැඩි දියුණු කිරීමට ද අපේක්ෂා කෙරේ. වඩාත් උසස් මට්ටමේ විවෘත ආර්ථික ක්‍රමයක් ගොඩනගමින් ක්‍රමික විවෘතභාව ස්ථාවරව ව්‍යාප්ත කිරීමෙහි නිරත විය යුතු ය. විදේශ ආයෝජනය සහ විදේශයන්හි චීනය සිදු කරන ආයෝජන පිළිබඳ පාලන ප්‍රතිසංස්කරණ පුළුල්ව ක්‍රියාත්මක කිරීමට පියවර ගැනේ. එමෙන්ම ඉහළ ගුණාත්මකභාවයෙන් යුතුව එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ පොදුවේ සංවර්ධනය කිරීමේ යාන්ත්‍රණය පරිපූර්ණ කිරීමේ අවශ්‍යතාව ද ඉන් පෙන්වා දී ඇත.


ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම