චීනය නව පෘථිවි නිරීක්ෂණ චන්ද්‍රිකාවක් දියත් කරයි
2024-07-19 14:56:23
Share with:

චීනය අද(19) නව පෘථිවි නිරීක්ෂණ චන්ද්‍රිකාවක් දියත් කර ඇත. ඒ උතුරු චීනයේ Shanxi පළාතේ Taiyuan චන්ද්‍රිකා දියත් කිරීමේ මධ්‍යස්ථානයේ සිට ය.

Long March-4B වාහක රොකට්ටුවක් මගින් Gaofen-11 05 නම් මෙම චන්ද්‍රිකාව බෙයිජිං වේලාවෙන් පෙරවරු 11:03 ට දියත් කර ඇති අතර සැලසුම් කළ පරිදි කක්ෂයට සාර්ථකව ඇතුළු වී ඇත.

මෙම චන්ද්‍රිකාව ඉඩම් මිනුම්කරණය, නාගරික සැලසුම්, මාර්ග ජාල සැලසුම්, වගාවන්හි බෝග අස්වැන්න ඇස්තමේන්තු කිරීම මෙන්ම ආපදා සහන සැපයීම ඇතුළු විවිධ ක්ෂේත්‍ර සඳහා යොදා ගැනීමට අපේක්ෂිත ය.

මෙය, Long March වාහක රොකට්ටු මාලාවේ 528 වැනි පියාසැරි මෙහෙයුමයි.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම