Ursula von der Leyen මහත්මිය යළි යුරෝපා කොමිසමේ සභාපති ධුරයට
2024-07-19 11:16:55
Share with:

යුරෝපා කොමිසමේ සභාපති ධුරයට Ursula von der Leyen මහත්මිය යළි තේරී පත්වෙයි. යුරෝපා පාර්ලිමේන්තුව ඊයේ (18) ප්‍රංශයේ ස්ට්‍රාස්බර්ග් නුවරදී කැඳවා තිබූ පූර්ණ සැසියේ දී මීට අදාළ ඡන්ද විමසීම පැවැත්විණ.

යුරෝපා කොමිසමේ වත්මන් සාමාජික සංඛ්‍යාව 720 කි. මෙවර ඡන්ද විමසීමේදී ඡන්ද 401 ක් දිනාගැනීමට Ursula von der Leyen මහත්මිය සමත් වූවාය.

Leyen මහත්මිය ජර්මානු ඉතිහාසයේ පළමු ආරක්ෂක අමාත්‍යවරිය යි. ඇය එම ධුරයට පත්වූයේ 2013 වසරේ දෙසැම්බර් මාසයේදීය. 2019 වසර අවසානයේ, ඇය යුරෝපා කොමිසමේ සභාපතිනිය ලෙස තම පළමු පස් අවුරුදු ධුර කාලය ආරම්භ කළාය.

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම