චීන තායිවාන ප්‍රදේශය සහ ජපන් වෙරළාරක්ෂක බලකා දෙපාර්තමේන්තු අතර ඒකාබද්ධ නාවික අභ්‍යාසයට චීනයේ විරෝධය
2024-07-19 17:45:21
Share with:

චීන තායිවාන ප්‍රදේශයේ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ මුර සංචාර නෞකාවක් හා ජපානයේ වෙරළාරක්ෂක බලකා දෙපාර්තමේන්තුවේ මුර සංචාර නෞකාවක් ඊයේ(18) ජපානයේ Chiba ප්‍රාන්තයේ Boso අර්ධද්වීපයේ දකුණු ප්‍රදේශය හා Izu Oshima දූපත ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ ඒකාබද්ධ පූර්ව නාවික අභ්‍යාසයක නිරත විය. 1972 වසරේ ජපානය හා තායිවානය ඊනියා රාජ්‍යතාන්ත්‍රික සබඳතාව අත්හැරීමෙන් පසු එම දෙපාර්තමේන්තු දෙක අතර සිදු කළ ප්‍රථම ඒකාබද්ධ මුහුදු අභ්‍යාසය මෙය බව වාර්තාවේ.

ඒ සම්බන්ධයෙන් චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක Lin Jian මහතා අද(19) පැවති නිත්‍ය මාධ්‍ය හමු‍වේදී අදහස් දක්වමින් කියාසිටියේ එම ඒකාබද්ධ මුහුදු අභ්‍යාසයට චීනය දැඩි විරෝධය පළ කරන බවයි. තායිවාන ප්‍රශ්නය සම්බන්ධයෙන් ජපානය චීනය වෙත පොරොන්දුවක් දී තිබේ. "ද්විඛණ්ඩනය වූ චීනය ලෙස" හෝ "එක් චීනයක්, එක් තායිවානයක්" අනුගමනය නොකිරීම සහ "තායිවාන බෙදුම්වාදීන්ට" සහාය නොදීම එම පොරොන්දුවලට ඇතුළත් වේ. එකම චීනය මූලධර්මය හා චීන ජපාන දේශපාලන ලේඛන හතර අනුගමනය කරන ලෙස ද කිසිදු ආකාරයේ තායිවාන බෙදුම්වාදීන්ට සහය නොදෙන ලෙස ද චීනය ජපානයෙන් ඉල්ලා සිටින බව Lin Jian මහතා අවධාරණය කර ඇත.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම