පොදු සංවර්ධනයක් සහිත ලෝකයක් ගොඩනඟන එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙලේ සාර්ථකත්වය
2024-07-18 19:43:32
Share with:

එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙලේ නව ජයග්‍රහණ පිළිබඳව චීන විදේශ අමාත්‍යංශය විස්තර කරයි.

මේ දක්වා, චීනය 150 කට වැඩි රටවල් හා 30 කට වැඩි ජාත්‍යන්තර සංවිධාන සමග එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙල ඒකාබද්ධව ගොඩනැඟීම පිළිබඳ සහයෝගිතා ලේඛනවලට අත්සන් කර ඇති බව චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Lin Jian මහතා අද (18) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී පැවසීය. 2023 වසරේ චීනය සහ අදාළ රටවල් අතර භාණ්ඩ වෙළඳාමේ නිමැවුම චීන යුවාන් ට්‍රිලියන 19.5 ක් වූ අතර, එය 2022 වසර‍ට සාපේක්ෂව 2.8% ක වර්ධනයකි. 2023 වසරේ චීනයේ සමස්ත ආනයන අපනයන නිමැවුමෙන් 46.6% කට ආසන්න වන එය මෙම වැඩපිළිවෙල ඉදිරිපත් කළ දිනයේ සිට පැමිණි උසස් ම මට්ටම බව ද ඔහු පැවසීය.

විවිධ පාර්ශ්වයන් සමග යටිතල පහසුකම් සම්බන්ධතාව, ප්‍රතිපත්ති සන්නිවේදනය, අදහස් හුවමාරුව තවදුරටත් ප්‍රවර්ධනය කරමින්, එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙලේ ඒකාබද්ධ ගොඩනැඟීම වඩා උසස් මට්ටමකට ගෙන යාමට චීනය කැමැත්තෙන් සිටින බව ඔහු පෙන්වා දුන්නේය. එමගින් විවිධ රටවල නවීකරණය සාක්ෂාත් කිරීමටත්, වඩා පුළුල් අන්තර්ගතයක්,  අන්තර් සම්බන්ධතාවයක් සහ පොදු සංවර්ධනයක් සහිත ලෝකයක් ගොඩනැගීමටත් චීනය අපේක්ෂා කරන බව Lin Jian මහතා එහිදී වැඩිදුරටත් අවධාරණය කර ඇත.


ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම