ද්වී රාජ්‍ය විසඳුම ක්‍රියාත්මක කිරීම සඳහා ජාත්‍යන්තර සාම සමුළුවක් කැඳවන ලෙසට චීනයෙන් ඉල්ලීමක්
2024-07-18 10:23:55
Share with:

මැද පෙරදිග අර්බුදයට වඩාත් ඵලදායී විසඳුම ද්වී රාජ්‍ය යෝජනාව බව එක්සත් ජාතීන්ගේ චීන නිත්‍ය නියෝජිත Fu Cong මහතා පවසයි. පලස්තීන අර්බුදය ඇතුළුව මැද පෙරදිග පිළිබද එක්සත් ජාතීන්ගේ විවෘත විවාදයට එක්වෙමින් හෙතෙම ඊයේ (17) මේ බව ප්‍රකාශ කළේය. ගාසා තී‍රයේ පවතින ශෝචනීය තත්ත්වය විස්තර කරමින් හෙතෙම සඳහන් කළේ එහි වඩාත් දරුණු මානුෂීය අර්බුදයක් පවතින බවයි. ඉන් සාමාන්‍ය වැසියන් 38 දහසකට අධික සංඛ්‍යාවක් මිය ගොස් ඇතැයි ද හෙතෙම සඳහන් කළේය. ජාත්‍යන්තර ප්‍රජාව ප්‍රමාදයකින් තොරව සටන් විරාමයක් ප්‍රවර්ධනය කිරීම සඳහා  සියලු උත්සාහයන් දැරිය යුතු බවද Fu Cong මහතා අවධාරණය කළේය. අඛණ්ඩව සිදුවන හමුදා මෙහෙයුම් හා ගාසා තීරයේ වැසියන් වෙත සිදු කෙරෙන සාමූහික දඬුවම් හෙළාදකිමින් චීන නියෝජිතයා සඳහන් කළේ වහාම එදිරිවාදිකම් නතර කළ යුතු බවයි. ජල මාර්ගය යළි වරක් වසා දැමීමෙන් ‍ගොඩබිම් මාර්ග, මානුෂීය ප්‍රවේශයන් සඳහා වඩාත් කාර්යක්ෂම ප්‍රවේශය බවට පැහැදිලි වී ඇත. ඒ හේතුවෙන් මානුෂීය ආධාර වඩාත් සුරක්ෂිත ලෙස ලබාදීම සඳහා සියලු ගොඩබිම් මාර්ග විවෘත කරන ලෙස ද චීන නියෝජිතයා ඊශ්‍රායලයෙන් ඉල්ලා සිටියේය.

මානුෂීය ආයතනවලට සහ එහි නිලධාරීන්ට එල්ල කෙරෙන ප්‍රහාර හෙළා දකිමින් ඒ පිළිබඳ පූර්ණ විමර්ශනයක් සිදු කරන ලෙසට ද හෙතෙම ඉල්ලා සිටියේය.

ස්වාධීන පලස්තීන රාජ්‍යයක් පිහිටුවීම සඳහා චීනයේ ස්ථිර සහයෝගය හිමිවන බවද හෙතෙම අවධාරණය කළේය.

ද්වී රාජ්‍ය විසඳුම ක්‍රියාත්මක කිරීමට සංයුක්ත කාලසටහනක් සහ මාර්ග සිතියමක් සකස් කිරීම සඳහා වඩා විශාල, වඩාත් බලය සහිත ජාත්‍යන්තර සාම සමුළුවක් කැඳවන ලෙසට ද චීන නියෝජිතයා ඉල්ලා සිටියේය.

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම