ශක්තිමත් නවීන සමාජවාදී රටක් ගොඩනැගීමට චීනය තබා ඇති අධිෂ්ඨානය නව ගමන් මගක ඇරඹුමක්
2024-07-18 09:58:06
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි මධ්‍යම කාරක සභාවේ 3 වැනි පූර්ණ සැසිය චීනය 2035 වසරේ සාක්ෂාත් කර ගැනීමට අපේක්ෂා කරන ඉලක්කයන් වෙත බහුවිධ ප්‍රවේශයක් ලබාදී ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් මිලින්ද රාජපක්ෂ මහතා පවසයි. 2035 වර්ෂය වන විට උසස් ප්‍රමිතියෙන් යුත් සමාජවාදී වෙළෙඳපොළ ආර්ථිකයක් ගොඩනැගීමේ ගමන්මග පිළිබඳ සැලසුම් නිර්මාණය කිරීම මෙවර සැසිවාරයේ දී වි‍ශේෂයෙන් අවධානයට ලක්විය. චීනය කාලනූරූපව සිය ඉලක්කයන් වෙත ගමන් කිරීමේ ප්‍රායෝගික උපාය මාර්ගයන් එම සැලසුම් තුළින් තමන් දකින බවද හෙතෙම කියා සිටී. චීන ජනාධිපති ෂී ජින්පිං මහතාගේ නායකත්වයෙන් චීන කොමියුනිස්ට් පක්ෂය චීන ලක්ෂණ සහිත සමාජවාදී සමාජයක් වෙත චීනය ප්‍රවේශ කිරීමේ අඩිතාලම දැනටමත් තබා ඇත. මෙවර සැසිවාරයේ දී ඉදිරිපත්වූ ආර්ථික අභිප්‍රායන් තුළින් චීනයේ ඉදිරි ආර්ථික දැක්ම වඩාත් නවීන ප්‍රවේශයක් වෙත ගමන් කරනු ඇති බව පැහැදිලිය. මෙම සියවසේ මැද භාගය වන විට සෑම අංශයකින්ම ශක්තිමත් නවීන සමාජවාදී රටක් ගොඩනැගීමට තබා ඇති අධිෂ්ඨානය චීනයේ මිළඟ දශකයේ ගමන් මග පිළිබඳ පැහැදිලි අදහසක් මෙම සැසිවාරයෙන් ලෝකය වෙත ඉදිරිපත් කර ඇතැයි ද මිලින්ද රාජපක්ෂ මහතා කියා සිටී.

‍ගෝලීය ආර්ථික වර්ධනයේ එන්ජිමක් ලෙස ගෝලීය කර්මාන්ත සහ සැපයුම් දාමයේ ස්ථායීතාව වෙනුවෙන් චීනය ඉටු කරන කාර්යභාරය මෙම ඉලක්කයන් තුළින් වඩාත් ශක්තිමත් වනු ඇත. එහිදී චීනයට විවිධ බාහිර මෙන්ම අභ්‍යන්තර අභියෝගයන් ද මුහුණ දීමට සිදුවනු ඇත. එම අභියෝගයන්‍ට සාර්ථකව මුහුණ දී සිය පියවරයන් සාර්ථකව ඉදිරියට තබා ඇති බව චීනය සිය ඉතිහාසයෙන් ඔප්පු කර ඇතැයි ද මිලින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම