චීන-රුසියානු ඒකාබද්ධ නාවික අභ්‍යාසය අවසන්
2024-07-18 10:38:33
Share with:

චීන-රුසියානු "2024 - ඒකාබද්ධ නාවික අභ්‍යාසය" ඊයේ (17) අවසන් කෙරිණ. දකුණු චීනයේ Guangdong පළාතේ Zhanjiang නගරයට ආසන්න මුහුදේ දී යාත්‍රා වෙන්ව යාමේ උත්සවයක් සමඟින් එය නිමා විය.

දෙරටේ යාත්‍රා හතක සහභාගීත්වය ඇතිව “මුහුදු ආරක්‍ෂක තර්ජනවලට ඒකාබද්ධ ප්‍රතිචාරය”කෙරෙහි අවධානය යොමු කරමින් මෙම අභ්‍යාසය පැවැත්විණ.

ගැඹුරු මුහුදේ දී ඒකාබද්ධ ඔත්තු බැලීම් සහ පූර්ව අනතුරු ඇඟවීම්, සෙවීම් සහ ගලවාගැනීම්, ගුවන් ආරක්ෂක සහ මිසයිල ආරක්ෂණය පිළිබඳ අවධානය යොමු කරමින් සජීවී අභ්‍යාස සිදු කෙරිණ.

එහි දී ප්‍රමිතිගතව සහ ක්‍රමානුකූලව ප්‍රායෝගික සහයෝගීතාව ප්‍රවර්ධනය කරමින් චීන-රුසියානු නාවික හමුදා අතර වෘත්තීය හුවමාරු සහ අන්‍යෝන්‍ය විශ්වාසය ශක්තිමත් කිරීම සිදු විය.

2012 වසර ආරම්භයේ සිට, "ඒකාබද්ධ මුහුදු" අභ්‍යාස මාලාව දෙරටේ නාවික හමුදාවන්හි සහයෝගීතාවයේ ප්‍රධාන වේදිකාවක් බවට පත්ව තිබේ. ආරක්ෂක තර්ජන සහ අභියෝගවලට ඒකාබද්ධව මුහුණ දීමේ හැකියාව එමඟින් වැඩි දියුණු කර ඇත.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම