වියට්නාමය ඒකපාර්ශ්විකව ඉදිරිපත් කළ දකුණු චීන මුහුදේ සීමා නිර්ණය පිළිබඳ යෝජනාවට චීනයේ දැඩි විරෝධය
2024-07-18 20:03:54
Share with:

වියට්නාමය ඒකපාර්ශ්විකව ඉදිරිපත් කළ දකුණු චීන මුහුදේ මහද්වීපික ගල්පර සීමා නිර්ණය පිළිබඳ යෝජනාව කෙරෙහි චීනය දැඩි විරෝධය පළ කරයි. 

මෑතකදී වියට්නාමය ඒකපාර්ශ්විකව දකුණු චීන මුහුදේ මහද්වීපික ගල්පර සීමා නිර්ණය පිළිබඳ යෝජනාව එක්සත් ජාතීන්ගේ මහද්වීපික ගල්පර සීමා පිළිබඳ කමිටුවට ඉදිරිපත් කර ඇත. මේ සම්බන්ධයෙන් චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක Lin Jian මහතා අද(18) පැවති මාධ්‍ය හමුවේදී දැඩි විරෝධය පළ කළේය.

මෙමගින් චීනයේ ස්වාධිපත්‍යය හා සමුද්‍රීය අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇත.එමෙන්ම එය එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය , එක්සත් ජාතීන්ගේ සාගර ගිවිසුම යන ජාත්‍යන්තර නීති ද උල්ලංඝනය කර තිබේ. 

එක්සත් ජාතීන්ගේ මහද්වීපික ගල්පර සීමා පිළිබඳ කමිටුවේ “මතභේදාත්මක කරුණු සාකච්ඡා නොකිරීම” යන පිළිවෙතට අනුව, එම කමිටුව වියට්නාමය හා පිලිපීනය හා සම්බන්ධ යෝජනා සාකච්ඡා නොකරනු ඇති බවද හෙතෙම සඳහන් කළේය. එවැනි ක්‍රියාවන් මතභේදයන් හා ගැටළු තවදුරටත් උග්‍ර කිරීමට හේතු වනු ඇත. සංවාද හා සාකච්ඡා මගින් අදාළ පාර්ශ්වයන් සමග නිසි ආකාරයෙන් දකුණු චීන මුහුදේ ප්‍රශ්නය විසඳා ගැනීමට චීනය සෑම විටම අපේක්ෂා කරන බව ද චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක වැඩිදුරටත් පවසා ඇත.   

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම