E – Passport ක්‍රමවේදය හෙට සිට ඇරඹේ
2024-07-18 17:30:06
Share with:

2025/01/01 දින සිට ශ්‍රී ලංකා රජය විසින් ශ්‍රී ලාංකිකයින්ට කාර්යක්ෂම හා ආරක්ෂාකාරී ක්‍රමවේදයක් යටතේ නව ‘E – Passport’ ලබාදීම ආරම්භ කිරීමට නියමිත ය. මේ බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

ඒ අනුව ගමන් බලපත්‍ර අයදුම් කිරීමේ ක්‍රමවේදය නව ක්‍රමවේදයක් ලෙස ක්‍රියාත්මක වනු ඇත. 2024/07/16 වන දින සිට ශ්‍රී ලංකා ගමන් බලපත්‍ර අයදුම්කිරීම සඳහා www.immigration.gov.lk සබැඳිය ඔස්සේ පූර්ණ ලියාපදිංචියක් සිදුකළ යුතුය. එමෙන්ම 2024/07/18 වන දින දක්වා මෙතෙක් පැවති ක්‍රමවේදය ක්‍රියාත්මක වන බව ද එම නිවේදනයේ දැක්වේ.

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම