ගාසා තීරයේ එක්සත් ජාතීන්ගේ පාසලකට ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයක්
2024-07-18 14:26:00
Share with:

ඊශ්‍රායල හමුදාව ගාසා තීරයේ ස්ථාන රැසකට අඛණ්ඩ ව ප්‍රහාර දියත් කළ බව ඊයේ(17) පලස්තීන මාධ්‍ය වාර්තා කර ඇත.

වාර්තාවලට අනුව, 16 වන දින, ඊශ්‍රායල හමුදාව විසින් Nuseirat සරණාගත කඳවුරේ පිහිටි, අවතැන් වූවන් රඳවා සිටින පාසලකට ප්‍රහාරයක් එල්ල කරන ලද අතර, මෙම පාසල එක්සත් ජාතීන්ගේ සහන සහ වැඩ නියෝජිතායතනයට අයත් බව සඳහන් වේ.

අවම වශයෙන් මෙම ප්‍රහාරයෙන් පුද්ගලයන් 23 දෙනෙක් මිය ගොස් ඇති අතර 70කට අධික පිරිසක් තුවාල ලබා ඇත. මෙම ස්ථානය පලස්තීන හමාස් සටන්කාමීන් සැඟවී සිටින සහ ප්‍රහාර දියත් කිරීමේ කඳවුරක් ලෙස භාවිත කළ බව ඊශ්‍රායල ආරක්ෂක හමුදාව 16 වැනිදා පාසලට එල්ල කළ ගුවන් ප්‍රහාරය තහවුරු කරමින් ප්‍රකාශ කළේය.

Nuseirat සරණාගත කඳවුරේ එක්සත් ජාතීන්ගේ සහන සහ වැඩ නියෝජිතායතනයේ පාසල් 10කට වැඩි ප්‍රමාණයක් ඇති අතර අවතැන් වූවන් 80,000කට වැඩි සංඛ්‍යාවකට නිවහන වී ඇත.

හමාස් සංවිධානය 16 වැනිදා නිවේදනයක් නිකුත් කරමින් ඊශ්‍රායලය විසින් ගාසා තීරයේ මෑතකාලීනව සිදු කළ ම්ලේච්ඡ ක්‍රියා දැඩි ලෙස හෙළා දැක තිබේ. ඊශ්‍රායල හමුදාව එක්සත් ජාතීන්ගේ පාසලට හිතාමතාම එල්ල කළ බෝම්බ ප්‍රහාරය කුරිරු සහ නින්දිත ක්‍රියාවක් බව හමාස් සංවිධානය ප්‍රකාශ කළේ ය.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම