ඇමරිකානු ෆෙඩරල් සංචිතය Beige Book ආර්ථික වාර්තාව නිකුත් කරයි
2024-07-18 10:34:54
Share with:

ඇමරිකානු ෆෙඩරල් සංචිතය Beige Book ආර්ථික වාර්තාව නිකුත් කරයි. රටේ පවතින ආර්ථික තත්ත්වය පිළිබඳ තොරතුරු ඊයේ (17) නිකුත් කෙරුණු එම වාර්තාවේ සඳහන් වේ.

මෑතකාලීනව රටේ බහුතර ආර්ථික කලාපවල ආර්ථික ක්‍රියාකාරකම් සුළු හා මධ්‍යස්ථ වර්ධන වේගයක් පවත්වා ගෙන ගොස් ඇති බව එම වාර්තාව කියයි. ඒ අනුව, කලාප 7ක ආර්ථික ක්‍රියාකාරකම්වල යම් වර්ධනයක් දැකිය හැකිය. එසේම සෙසු ප්‍රදේශ 5ක ආර්ථික ක්‍රියාකාරකම් සම මට්ටමක හෝ අඩුවෙමින් පවතින බව ද නිරීක්ෂණය කර ඇත.

ඉදිරියේ දී පැවැත්වෙන මැතිවරණ, දේශීය ප්‍රතිපත්ති, භූ දේශපාලන ගැටුම් සහ උද්ධමනය පිළිබඳ අවිනිශ්චිතතා හේතුවෙන් ඉදිරි මාස හයේ ආර්ථික වර්ධනය මන්දගාමී වනු ඇතැයි අපේක්ෂා කෙරෙන බව ද Beige Book වාර්තාවේ දැක්වේ.

Beige Book යනු ඇමරිකානු ෆෙඩරල් සංචිතය මගින් වසරකට 8 වරක් ප්‍රකාශයට පත්කෙරෙන එරට ආර්ථික තත්ත්වය පිළිබඳ සමීක්ෂණ වාර්තාවකි. රටේ විවිධ ප්‍රදේශවල ආර්ථික තත්ත්ව සහ ජාතික ආර්ථික තත්ත්වය පිළිබඳ සාරාංශයක් එහි අන්තර්ගත වේ.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම