චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි මධ්‍යම කාරක සභාවේ 3 වැනි පූර්ණ සැසියේ ප්‍රකාශනය නිකුත් කෙරේ
2024-07-18 18:07:05
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි මධ්‍යම කාරක සභාවේ 3 වැනි පූර්ණ සැසිය ජූලි මස 15 වනදා සිට 18 වනදා දක්වා බෙයිජිං හිදී පැවැත්වේ.

මෙම සැසිය චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ. මධ්‍යම කාරක සභාවේ මහ ලේකම් ෂී ජින් පිං මහතා එහිදී වැදගත් දේශනයක් සිදු කර ඇත. 

මෙම සැසියේදී චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශය වෙනුවෙන් ෂී ජින්පිං මහතා ඉදිරිපත් කළ කාර්ය වාර්තාවට සවන් දී ඒ පිළිබඳව සාකච්ඡා කිරීම ද සිදු විය. ‘ප්‍රතිසංස්කරණ අංගසම්පූර්ණ ලෙස තවදුරටත් තහවුරු කරමින් චීන මාදිලියේ නවීකරණය ඉදිරියට පවත්වාගෙන යාම පිළිබඳ චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ තීරණය’එම සැසියේදී සාකච්ඡා කර අනුමත කෙරිණ.

චීනය ප්‍රතිසංස්කරණ අංගසම්පූර්ණයෙන් තවදුරටත් පුළුල් කිරීමේ මූලික අරමුණු වනුයේ චීන ලක්ෂණ සහිත සමාජවාදී ක්‍රමය අඛණ්ඩව වැඩිදියුණු කරමින් රටේ පාලන ක්‍රමවේදයේ සහ පාලන ශක්‍යතාවේ නවීකරණය  ඉදිරියට ගෙන යාම බව එම සැසිය පෙන්වා දෙයි.

ඊට අනුව, 2035 වර්ෂය වනවිට සෑම ආකාරයෙන්ම උසස් ගුණාත්මකභාවයෙන් යුත් සමාජවාදී වෙළඳපොල ආර්ථිකයක් ගොඩනැඟීම අවසන් කරමින් චීන ලක්ෂණ සහිත සමාජවාදී ක්‍රමය තවදුරටත් ප්‍රවර්ධනය කර, රටේ පාලන ක්‍රමවේදයේ සහ එහි ශක්‍යතාවේ නවීකරණය මූලික වශයෙන් සාක්ෂත් කර, සමාජවාදී නවීකරණය මූලික වශයෙන් සාක්ෂාත් කර ගැනීමට අපේක්ෂා කෙරේ. එමෙන්ම මෙම සියවසේ මැද භාගය වන විට සෑම අතින්ම බලවත් නවීන සමාජවාදී රටක් ගොඩනැගීම සඳහා ශක්තිමත් පදනම ද එමගින් සපයනු ඇත.

උසස් ගුණාත්මකභාවයෙන් යුත් සමාජවාදී වෙළඳපොල ආර්ථිකයක් ගොඩනැඟීම, සමස්ත ක්‍රියාවලියේ ජනතා ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රවර්ධනය කිරීම, ශක්තිමත් සමාජවාදි සංස්කෘතික රටක් ගොඩනැගීම, ජනජීවිත ගුණාත්මකභාවය ඉහළ නංවා ගැනීම, සුන්දර චීනය ගොඩනැගීම, වඩාත් උසස් මට්ටමේ සුරක්ෂිත චීනය ගොඩනැගීම, චීන කොමියුනිස්ට් පක්ෂයේ නායකත්ව මට්ටම හා දිගුකාලීන පරිපාලන  හැකියාව ඉහළ නංවා ගැනීම යන කරුණුවලට අවධානය යොමු කරමින් ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙන යා යුතුය.   

ඉකුත් සඳහන් ප්‍රතිසංස්කරණ සැලසුම් 2029 වසරේ දී චීන මහජන සමූහාණ්ඩුවේ 80 වැනි සංවත්සරය වන විට සම්පූර්ණ කළ යුතු බව ද මෙම ප්‍රකාශනයේ සඳහන් කර ඇත.

ප්‍රතිසංස්කරණ අංගසම්පූර්ණ ලෙස තවදුරටත් තහවුරු කිරීම පිළිබඳව එම සැසියේදී විස්තීරණ සැලසුම් නිකුත් කෙරිණ. ඊට අනුව, ඉහළ මට්ටමේ සමාජවාදී වෙළඳපොළ ආර්ථික ක්‍රමවේදයක් ගොඩනැගිය යුතු අතර, උසස් තත්ත්වයේ ආර්ථික සංවර්ධනය ප්‍රවර්ධනය කිරීමේ යාන්ත්‍රණය ද වැඩිදියුණු කළ යුතුය. පුළුල් නවෝත්පාදනය ප්‍රවර්ධනය කිරීමේ යාන්ත්‍රණය ගොඩනැගීම සහ සාර්ව ආර්ථික පාලන පද්ධතිය වැඩිදියුණු කිරීම ද එහිදී අවධාරණය කෙරිණ. නාගරික සහ ග්‍රාමීය ඒකාබද්ධ සංවර්ධනය සිදු කිරීමේ යාන්ත්‍රණය, ඉහළ මට්ටමේ විවෘත කිරීමේ යාන්ත්‍රණය, සමස්ත ක්‍රියාවලියේ ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පද්ධතිය, චීන ලක්ෂණ සහිත සමාජවාදී නීතිමය පාලන පද්ධතිය සහ සංස්කෘතික යාන්ත්‍රණයේ ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එහිදී පෙන්වා දී ඇත. එමෙන්ම ජනතාවගේ ජීවනෝපාය සහතික කිරීමේ සහ වැඩිදියුණු කිරීමේ ප්‍රතිපත්ති, පාරිසරික ශිෂ්ටාචාර පද්ධතියේ ප්‍රතිසංස්කරණය යන කරුණු ද තවදුරටත් වැඩිදියුණු කළ යුතු බව සැසියේදී අවධාරණය කර ඇත. ජාතික ආරක්ෂාව පිළිබඳ පද්ධතිමය සහ ශක්‍යතා නවීකරණය ප්‍රවර්ධනය කරමින්, ජාතික ආරක්ෂාව සහ හමුදාව කෙරෙහි ප්‍රතිසංස්කරණ පුළුල් කළ යුතු බව ද ප්‍රකාශ කෙරිණ. ප්‍රතිසංස්කරණ අංගසම්පූර්ණ ලෙස තවදුරටත් තහවුරු කරමින් චීන ලක්ෂණ සහිත නවීකරණය ඉදිරියට පවත්වාගෙන යාම සඳහා චීන කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වය ඉහළ නැංවීමේ වැදගත්කම සැසියේදී අවධාරණය කෙරිණ.

ඉහළ මට්ටමේ සමාජවාදී වෙළෙඳපොළ ආර්ථික ක්‍රමවේදය, චීන මාදිලියේ නවීකරණයට වැදගත් සහතිකයක් බව සැසියේදී සඳහන් විය. වෙළඳපල යාන්ත්‍රණය මනා ලෙසින් ක්‍රියාත්මක කිරීමෙන් වඩා සාධාරණ හා ගතික වෙළඳපල පරිසරයක් නිර්මාණය කළ යුතුය. එමෙන්ම සම්පත් බෙදා වෙන් කිරීමේ කාර්යක්ෂමතාව ප්‍රශස්ත කළ යුතු අතර, නිසි පාලනය යටතේ වෙළඳප‍ල ක්‍රියාකාරිත්වය තවදුරටත් ප්‍රාණවත් කළ යුතු බව ද පෙන්වා දී ඇත. ජාතික ආර්ථික චක්‍රය සුමටව පවත්වා ගනිමින්, සමාජයේ අභ්‍යන්තර ශක්තිය සහ නව ජීව ශක්තිය තවදුරටත් ප්‍රවර්ධනය කළ යුතු බව එම සැසියේදී අවධාරණය කර ඇත. 

විවිධ ක්‍රමික ආර්ථිකයන්ගේ පොදු වර්ධනය ප්‍රවර්ධනය කිරීම සඳහා ජනසතු ආර්ථිකය තහවුරු කිරීමෙහි නියැළී සිටිමින්, ස්ථිරව පෞද්ගලික ආර්ථිකයේ වර්ධනයට අනුබල දී එය මෙහෙයවිය යුතුය. මේ අතර විවිධාකාර ක්‍රමික ආර්ථික, නීත්‍යනුකූලව නිෂ්පාදන සාධක යොදා ගැනීම, වෙළඳපොලේ තරගයට සාධාරණ ලෙස එක්වීම, සමාන සේ නීතියෙන් ආරක්ෂා කිරීම සහතික කළ යුතුය. රට තුළ ඒකීය වෙළඳපොලක් ගොඩනගමින් වෙළඳපොල ආර්ථික මූලික ක්‍රමවේදය පරිපූර්ණ කිරීමෙහි නිරත විය යුතු බව ද එම පූර්ණ සැසිය තුළ දී ප්‍රකාශ කර ඇත.

උසස් තත්ත්වයේ සංවර්ධනය, නවීකරණ සමාජවාදී රටක් අංගසම්පූර්ණ ලෙස ගොඩනැගීමේ ප්‍රථම මෙහෙවර ය. ඒ සඳහා නව සංවර්ධන සංකල්පයෙන් ප්‍රතිසංස්කරණ මෙහෙයවිය යුතු අතර නව සංවර්ධන අදියරට අනුව සැපයුම් අංශයේ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණය පුළුල්ව ක්‍රියාත්මක කළ යුතුය. විවිධ ප්‍රදේශවල වෙනස් තත්ත්වයන්ට අනුකූලව නව ගුණාත්මක ඵලදායිතාව සංවර්ධනය කිරීමේ යාන්ත්‍රණය පරිපූර්ණ කිරීමෙහි නිරත විය යුතු අතර සැබෑ ආර්ථිකය හා ඩිජිටල් ආර්ථිකය සම්මිශ්‍රණය කර ප්‍රවර්ධනය කිරීමට ද අවධානය යොමු කළ යුතුය. සේවා කර්මාන්ත පද්ධතිය හා නවීකරණ යටිතල පහසුකම් ඉදිකිරීමේ ක්‍රමය වැඩිදියුණු කරමින් කර්මාන්ත දාමයේ හා සැපයුම් දාමයේ ඔරොත්තු දීමේ හැකියාව හා ආරක්ෂිත මට්ටම ඉහළ නංවාලීමට කටයුතු කිරීමේ වැදගත්කම ද මෙම සැසියේ දී අවධාරණය කර ඇත.

චීන මාදිලියේ නවීකරණය සාමකාමී සංවර්ධන මාවත අනුගමනය කරන නවීකරණයක් බව ද එම සැසිය ප්‍රකාශ කර තිබේ. ස්වාධීන හා සාමකාමී විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කළ යුතු අතර, පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාවක් ගොඩනැගීම ප්‍රවර්ධනය කළ යුතුය. සමස්ත මනුෂ්‍ය වර්ගයාගේ පොදු වටිනාකම් ප්‍රවර්ධනය කරමින්, ගෝලීය සංවර්ධන මුලපිරුම, ගෝලීය ආරක්ෂක මුලපිරුම සහ ගෝලීය ශිෂ්ටාචාර මුලපිරුම ක්‍රියාත්මක කළ යුතු බව ද ප්‍රකාශ කෙරිණ. එමෙන්ම,  සමානාත්මතාව හා පිළිවෙල සහිත බහුධ්‍රැවීය ලෝකයක් සහ පොදු ජයග්‍රාහී ආර්ථික ගෝලීයකරණය වෙනුවෙන් කැප විය යුතුය. විදේශ කටයුතු පිළිබඳ ක්‍රියාකාරී යාන්ත්‍රණයේ ප්‍රතිසංස්කරණය පුළුල් කරමින් ගෝලීය පාලන පද්ධතියේ ප්‍රතිසංස්කරණය මෙහෙයවීමට සහභාගී වීමේ වැදගත්කම ද එහිදී අවධාරණය කෙරිණ. ජාතික ස්වෛරීභාවය, සුරක්ෂිතතාව සහ සංවර්ධන අවශ්‍යතා තරයේ ආරක්‍ෂා කළ යුතු බව ද එම සැසියේ දී වැඩිදුරටත් පෙන්වා දී ඇත.



ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම