චීනයේ වෙළඳ ප්‍රතිපත්තිය ලෝක වෙළඳ සංවිධානයේ පැසසුමට
2024-07-18 11:17:27
Share with:

චීනයේ වෙළඳ ප්‍රතිපත්තිය පිළිබඳ ලෝක වෙළඳ සංවිධානයේ 9වැනි සමාලෝචන සංවාදය ඊයේ(17) ජිනිවාහිදී ආරම්භ විය. චීන උප වාණිජ ඇමති Li Fei මහතා ප්‍රමුඛ නියෝජිත කණ්ඩායම හා ලෝක වෙළඳ සංවිධාන‍යේ චීන ස්ථාවර නියෝජිත Li Chenggang මහතා ඊට සහභාගි වූහ.

2021 වසරේ ඔක්තෝබර් මස පැවති සමාලෝචන සංවාදයෙන් පසු සක්‍රිය ලෙස බහුපාර්ශ්වවාදය අනුගමනය කරන චීනය, ගෝලීය තිරසර සංවර්ධනයට වැදගත් දායකත්වයක් ලබා දෙමින් සිය මහ පරිමාණ වෙළඳපොළ ඔස්සේ ලෝකයට වඩාත් ඉහළ අවස්ථා ලබාදී ඇති බව Li Fei මහතා එහිදී පැවසීය.

ලෝක වෙළඳ සංවිධානයේ ප්‍රතිසංස්කරණ සාකච්ඡා වෙනුවෙන් චීනය මනා දායකත්වයක් ලබා දී ඇත. එසේ ම, බහුපාර්ශ්වික වෙළඳ ක්‍රම සංවර්ධනයට අනුබල දෙන චීනය සංවර්ධනය වෙමින් පවතින රටවල පවතින ගෝලීය වටිනාකම් සහතික කිරීමට සහාය ලබා දෙන බව ද Li Fei මහතා අවධාරණය කළේය.

ගෝලීය ආර්ථික සංවර්ධනය තහවුරු කිරීම, බහුපාර්ශ්වික වෙළඳ ක්‍රමය ආරක්ෂා කිරීම අතින් චීනය ලබා දී ඇති දායකත්වය ලෝක වෙළඳ සංවිධානයේ සාමාජික රටවල නියෝජිතයන් එහිදී ඉහළින් අගය කර තිබේ. චීනයේ දේශීය ප්‍රතිසංස්කරණය හා විවෘතභාවය තවදුරටත් පුළුල් කිරීමේ පියවර ඔවුන්ගේ පැසසුමට ලක්විය. බාහිර අභියෝග රැසකට මුහුණ දීමේ  ප්‍රබලතාව පිළිබිඹු කර ඇති චීන ආර්ථිකය, 2023 වසරේ සියයට 5.2කින් වර්ධනය වී පශ්චාත් කොවිඩ් ගෝලීය ආර්ථික පුනර්ජීවනය සඳහා වන ප්‍රධාන බලය බවට පත්ව ඇති බව එම නියෝජිතයන් පවසා ඇත.

වෙළඳ ප්‍රතිපත්ති විමර්ශනය හා සාකච්ඡා කිරීම, ලෝක වෙළඳ සංවිධානයේ ප්‍රධාන කාර්යයන් තුනෙන් එකකි. එය, සාමාජික රටවල් ආර්ථීක හා වෙළඳ ප්‍රතිපත්ති අන්‍යෝන්‍ය වශයෙන් දැන ගැනීමේ වැදගත් ක්‍රමවේදයක් ද වෙයි. එම සමුළුවට පෙර චීනය සාමාජික රටවල් 44ක් විසින් ඉදිරිපත් කෙරුණු ලිඛිත ප්‍රශ්න 1000ක් පමණ ලබා ගෙන තිබේ. අදාළ රෙගුලාසිවලට අනුව චීනය නිසි අයුරින් ඒවාට පිළිතුරු ලබා දී තිබේ.

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම