නූතන චීනයේ වේගවත් සංවර්ධනයේ කේන්ද්‍රස්ථානය වන ප්‍රතිසංස්කරණ සහ විවෘතභාවය
2024-07-18 16:27:14
Share with:

චීනය මේ වනවිට ඉහළ මට්ටමේ සමාජවාදී වෙළෙඳපොළ ආර්ථිකයක් කරා යන ගමනේ තීරණාත්මක සන්ධිස්ථානයකට පැමිණ ඇත. සංකීර්ණ ගෝලීය සහ දේශීය තත්ත්වයන්ට මුහුණ දෙමින්, නව තාක්ෂණික හා කාර්මික වෙනස්කම්වලට අනුවර්තනය වෙමින් ජනතාවගේ අවශ්‍යතාවන් සපුරාලීම සඳහා විධිමත් සැලසුමක නිරත වෙමින් සි‍ටී. එහිදී විශේෂයෙන්ම ප්‍රතිසංස්කරණ සහ විවෘතභාවය නූතන චීනයේ වේගවත් සංවර්ධනයේ කේන්ද්‍රස්ථානයක් ලෙස හැඳින්විය හැකි බව ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය නෙලංග ජයසිංහ මහතා පවසයි.

ප්‍රතිසංස්කරණ යනු දේශපාලන, සමාජීය, සංස්කෘතික, ආර්ථික සහ ආගමික යනාදී විවිධ අංශයන් යටතේ සිදු කෙරෙන වැඩි දියුණු කිරීමකි. එහි හරය වනුයේ යාවත්කාලීන වූ සංවර්ධනයයි. පවතින ක්‍රමය තුළ වෙනස්කම් සිදු කිරීමෙන් ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන හෙයින් එය විධිමත් සැලසුම්ගත රාමුවක් ය‍ටතේ සිදු කළ යුතුය. බොහෝ සංවර්ධිත රටවල් ද වර්තමාන‍යේ මෙම ප්‍රතිසංස්කරණ සිය රටට ගැළපෙන ලෙස ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වීම හේතුවෙන් දරුණු ආර්ථික සහ සමාජීය අර්බුදයකට මුහුණ දී ඇත. එවැනි රටවල දේශපාලනික ස්ථාවරත්වය පවා බිඳ වැටී ගැටුම් නිර්මාණය වී ඇති අයුරු දැක ගත හැකි බව ද හෙතෙම කියා සි‍ටී. නමුත් අඛණ්ඩව එල්ල වන විවිධ බාහිර බලපෑම් හමුවේ චීනය පසුගිය දශකය තුළ සිය ප්‍රතිසංස්කරණ තුළින් වේගවත් සංවර්ධනයක් සාක්ෂාත් කර ගෙන තිබේ.

වර්තමානයේ චීනය අනුගමනය කරන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ කෙරෙහි සියලු කලාපවල අවධානය යොමු වෙමින් පවතී. විශේෂයෙන්ම පසුගිය දා ආරම්භ වූ චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි මධ්‍යම කාරක සභාවේ තුන්වන පූර්ණ සැසිවාරය චීන ලක්ෂණ සහිත නවීකරණය ඉදිරියට පවත්වාගෙන යාම පිළිබඳ විශේෂ අවධානයක් යොමු කර තිබේ. වත්මන් ගෝලීය නව්‍යකරණය තුළ  එවැනි ප්‍රවේශයක් වඩා කාලීන බව ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය නෙලංග ජයසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම