ගෝලීය ආර්ථිකය තුළ චීන ආර්ථිකයේ ප්‍රධාන වර්ධනයක් හඳුනාගත හැකි බව ආර්ථික විශේෂඥයෝ ප්‍රකාශ කරති. චීනය සිය ආර්ථික ප්‍රවර්ධනයට ඉටු කරන ලද කාර්යභාරය හඳුනා ගැනීම සෙසු රටවල ආර්ථික ප්‍රගමනයට හේතුවක් වනු ඇතැයි නීතිඥ ප්‍රබුද්ධිකා තිසේරා මහත්මිය පැවසුවාය.
චීන ආර්ථික මග දෙස විමසිලිමත් වීමේදී පැහැදිලිව පෙනෙන්නට ඇති කාරණය නම් අති දුෂ්කර අවධියක් ගත කළ චීනය නව ජවයකින් ඉදිරියට පැමිණීමයි. අතීත මග දෙස විමසීමේදී 1978 වසරේ චීනය ආරම්භ කරන ලද ආර්ථික ප්‍රතිසංස්කරණ මෙම සාර්ථකත්වයේ රහස බව පෙනී යයි.
නිද්‍රාශීලී ආර්ථික යෝධයෙකු අවදි කිරීමේ උත්සාහයක් ලෙස, චීනය ග්‍රාමීය ව්‍යවසායන් සහ පෞද්ගලික ව්‍යාපාර ගොඩනැගීම, විදේශ වෙළඳාම සහ ආයෝජන ලිහිල් කිරීම, ඇතැම් මිල ගණන් පදනම්ව රාජ්‍ය පාලනය ලිහිල් කිරීම සහ කාර්මික නිෂ්පාදනය මෙන්ම එහි ශ්‍රම බලකායේ අධ්‍යාපනය සඳහා ආයෝජනය කිරීම දිරිමත් කිරීම යනාදී උපායමාර්ගික කරුණු චීන ආර්ථික ප්‍රතිසංස්කරණයේ දී ක්‍රියාත්මක කර ඇති බව ද ප්‍රබුද්ධිකා මහත්මිය සඳහන් කළාය.
ප්‍රාග්ධනය මූලික කර ගත් නව කර්මාන්ත ශාලා, නිෂ්පාදන යන්ත්‍රෝපකරණ සහ සන්නිවේදන පද්ධති වැනි රටේ ප්‍රාග්ධන වත්කම් වර්ධනය, චීන කම්කරුවන් සංඛ්‍යාව මෙන්ම, ඵලදායිතාවයේ තියුණු තිරසාර වර්ධනයක් සඳහා හේතු වන සේවක කාර්යක්ෂමතාව වැඩි කිරීම ආර්ථික ප්‍රගමනය පිටුපස ඇති ගාමක බලවේගය විය. ඵලදායිතාවයේ මෙම පිම්ම ආරම්භ වූයේ ආර්ථික ප්‍රතිසංස්කරණ ආරම්භ කරමින්, වර්තමානය වන විට ජනාධිපති ෂී ජින් පිං මහතාගේ නායකත්වය යටතේ නවීකරණ ඉලක්ක සපුරා ගැනීම උදෙසා, ආර්ථික, දේශපාලන, සංස්කෘතික, සමාජීය සහ පාරිසරික යන පස් වැදෑරුම් ක්ෂේත්‍රවල සම්බන්ධීකරණයට ප්‍රමුඛස්ථානයක් ලබා දීම හේතුවෙන් බව පෙනෙන්ට ඇත.
තවද ප්‍රතිසංස්කරණයත් සමග ව්‍යවසාය කළමනාකරුවන්ට වැඩි ස්වයං පාලනයක් ලබා දීමට පියවර ගැණින. ඔවුන්ගේම නිෂ්පාදන ඉලක්ක තැබීමට, තරඟකාරී මිල ගණන් යටතේ පුද්ගලික වෙළඳපොලේ අතැම් නිෂ්පාදන විකිණීමට, හොඳ සේවකයන්ට ප්‍රසාද දීමනා ලබා දීමට සහ නුසුදුසු පිරිස් සේවයෙන් පහ කිරීමට මෙන්ම අනාගත ආයෝජන සඳහා සමාගමේ ඉපැයීම් වලින් යම් කොටසක් රඳවා ගැනීමට ඔවුන්ට නිදහස හිමි විය. මෙම ප්‍රතිසංස්කරණ මඟින් නිෂ්පාදනයේ පුද්ගලික අයිතිය සඳහා වැඩි ඉඩක් ලබා දුන් අතර, පුද්ගලික ව්‍යාපාර විසින් රැකියා උත්පාදනය කෙරිණ.
2035 වර්ෂය වන විට උසස් ප්‍රමිතියෙන් යුත් සමාජවාදී වෙළෙඳපොළ ආර්ථිකයක් ගොඩනැගීමේ ගමන් මග පිළිබඳ සැලසුම් සටහන නිර්මාණය කිරීමේ සිව්දින රැස්වීම චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි මධ්‍යම කාරක සභාවේ 3 වැනි පූර්ණ සැසියේ දී ඉදිරිපත් කර ඇත. චීනය උසස් තත්ත්වයේ ආර්ථික වර්ධනයක් අත් කර ගනිමින් සිටින අතර ලෝකයට ලබාගත හැකි නව අවස්ථා පිළිබඳ විමසීමේ දී චීනය සතු මහා පරිමාණ වෙළෙඳපොළ ඊට හොඳ අවස්ථාවක් සපයා තිබේ.
1978 වෙළඳපල-නැඹුරු ප්‍රතිසංස්කරණ සහ චීන නවීකරණය මගින් උත්ප්‍රේරණය වූ චීනයේ ශක්තිමත් ඵලදායිතා වර්ධනය, චීනයේ පෙර නොවූ විරූ ආර්ථික ක්‍රියාකාරිත්වයේ ප්‍රධාන හේතුවයි. අනෙකුත් සංවර්ධනය වෙමින් පවතින රටවල ඵලදායිතා පියවරයන්ට විභව භූමිකාවන් පිළිබඳ අනාගත පර්යේෂණ සඳහා චීනය විශිෂ්ට පිම්මක් ලබා දී ඇති බව නීතිඥ ප්‍රබුද්ධිකා තිසේරා මහත්මිය වැඩිදුරටත් සඳහන් කළාය..