2024 මුල් භාගයේ චීනයේ Xinjiang හි විදේශ වෙළඳ ගනුදෙනුවල ශීඝ්‍ර වර්ධනයක්
2024-07-18 15:24:54
Share with:

මෙම වසරේ මුල් භාගයේ චීනයේ Xinjiang උයිගුර් ස්වායත්තයේ විදේශ වෙළඳ ගනුදෙනු ශීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරයි.

Urumqi අගනුවර රේගු සංඛ්‍යාලේඛනයට අනුව, එම කාලය තුළ, Xinjiang හි විදේශ වෙළඳ ආනයන හා අපනයන වටිනාකම යුවාන් බිලියන 220 ඉක්මවා ඇති අතර, පසුගිය වසරේ මුල් භාගයට සාපේක්ෂව එය 48.4%කින් වර්ධනය වී ඇත. ඉකුත් ජූනි මාසයේ, එහි විදේශ වෙළඳ ආනයන හා අපනයන වටිනාකම යුවාන් බිලියන 35ක් වූ අතර, පසුගිය වසරේ ජූනි මාසය හා සැසඳීමේදී එය 31.5%ක වර්ධනයක් වී තිබීම ද කැපී පෙනේ.

මෙම වසරේ මුල් මාස 6 තුළ, Xinjiang ස්වායත්තය රටවල් හා කලාප 205ක් සමග වෙළඳ ගනුදෙනු සිදු කර ඇත. ඒ අතරින්, කසක්ස්ථානය සහ කිර්ගිස්ථානය පෙරමුණ ගෙන සිටී. එසේ ම, නිදහස් වෙළඳ කලාපය සහ තීරු බදු රහිත විස්තීර්ණ කලාපය එහි විදේශ වෙළඳාම තහවුරු කිරීමේ ගාමක බලයක් බවට පත් ව ඇත. පසුගිය වසරේ නොවැම්බර් 1වැනි දා චීනයේ Xinjiang නිදහස් වෙළඳ කලාපය ස්ථාපනය කිරීමෙන් පසු එම කලාපයේ වෙළඳ නිමැවුම සමස්ත Xinjiang හි වෙළඳ ගනුදෙනු ප්‍රමාණයෙන් ගෙන ඇති අගය ද ක්‍රමික ව ඉහළ ගොස් ඇත.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම