ගෝලීය ආරක්ෂක මුලපිරුම ක්‍රියාත්මක කිරීමේ තත්ත්වය පිළිබඳ පළමු වාර්තාව නිකුත් කෙරේ
2024-07-18 16:44:30
Share with:

ගෝලීය ආරක්ෂක මුලපිරුම පිළිබඳ පර්යේෂණ මධ්‍යස්ථානය අද(18) බෙයිජිංහි ස්ථාපිත කෙරිණ. එහිදී ගෝලීය ආරක්ෂක මුලපිරුම ක්‍රියාත්මක කිරීමේ තත්ත්වය පිළිබඳ පළමු වාර්තාව චීනය විසින් නිකුත් කරනු ලැබිණ.

2022 වසරේ අප්‍රේල් මස චීන ජනාධිපති ෂී ජින්පිං මහතා මානවයන්ගේ අනාගතය හා ඉරණම මත ගෝලීය ආරක්ෂක මුලපිරුම ඉදිරිපත් කරමින් ජාත්‍යන්තර ආරක්ෂක අභියෝගයන්ට මුහුණ දීම සඳහා චීන විසඳුමක් සපයා ඇත. ගතවූ වසර දෙක තුළ පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාව ගොඩනැගීමේ චින්තනය අනුගමනය කරමින් චීනය ජගත් ප්‍රජාව සමග එක්ව ගෝලීය ආරක්ෂක මුලපිරුම සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරමින් ලෝක සාමය හා ස්ථාවරත්වය සහතික කිරීම සඳහා ප්‍රබල ශක්තියක් ලබා දී තිබේ. ගෝලීය ආරක්ෂක මුලපිරුම ක්‍රියාත්මක කිරීමේ තත්ත්වය පිළිබඳ වාර්තාව අදාළ ජයග්‍රහණ සම්පිණ්ඩනය කර ඇත. 

දැනට ලෝකයේ රටවල්, ජාත්‍යන්තර හා ප්‍රාදේශීය සංවිධාන සියයකට වැඩි ගණනක් එම මුලපිරුම පිළි ගත් අතර ඊට සහයෝගය දක්වා ඇත. අදාළ මුලපිරුම හා එහි කේන්ද්‍රීය චින්තනය චීනය හා වෙනත් රටවල් මෙන් ජගත් සංවිධාන අතර සහයෝගිතා පිළිබඳ ද්විපාර්ශ්වික හා  බහුපාර්ශ්වික ලේඛන 90කට පමණ ද ඇතුළත් කර ඇත.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම