චීන- හංගේරියානු විදේශ අමාත්‍යවරුන් අතර දුරකථන සංවාදයක්
2024-07-17 11:22:01
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශ සාමාජික, විදේශ අමාත්‍ය Wang Yi මහතා, හංගේරියානු විදේශ අමාත්‍ය Szijjártó Péter මහතා සමඟ දුරකථන සංවාදයක් ඊයේ(16) පැවැත්වීය.

වත්මන් තත්ත්වය, විශේෂයෙන්ම යුක්රේනයේ අර්බුදය සහ හංගේරියාවේ මෑත කාලීන උත්සාහයන් පිළිබඳව Szijjártó මහතා එහිදී සිය අදහස් පළ කළේය.

චීනය සාමය ප්‍රවර්ධනයට සහාය දක්වන වැදගත් බලවේගයක් බවත්, ගැටුමේ ව්‍යාප්තිය සහ උත්සන්න වීම වැළැක්වීමට සහ දේශපාලන විසදුම් සඳහා කොන්දේසි සයයාදීමට හංගේරියාව චීනය සමග අත්වැල් බැඳ ගැනීමට කැමැත්තෙන් සිටින බවත් ඔහු සඳහන් කළේ ය.

වර්තමානයේ වඩාත්ම හදිසි කාරණය සහ වඩාත්ම යථාර්ථවාදී ඉලක්කය ලෙසට චීනයේ විශ්වාසය වන්නේ යුක්රේනයේ තත්වය කඩිනමින් සමනය කිරීම බව Wang Yi මහතා පැවසීය. තත්ත්වයට දේශපාලන විසඳුමක් ලබා දීම සඳහා හංගේරියාව සමඟ කටයුතු කිරීමට චීනය කැමැත්තෙන් සිටින බවද ඔහු කියා සිටියේ ය.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම