‘ෂී ජින්පිං මහතාගේ ලිපි සමුච්චයේ’ පළමු හා දෙවන වෙළුම් සාම්ප්‍රදායික චීන අක්ෂරවලින් ප්‍රකාශයට පත් කෙරේ
2024-07-17 20:30:21
Share with:

 

‘ෂී ජින්පිං මහතාගේ ලිපි සමුච්චයේ’ පළමු හා දෙවන වෙළුම් මෙන්ම, ‘චීන මාදිලියේ නවීකරණය පිළිබඳ ෂී ජින්පිං මහතාගේ ප්‍රකාශනවල උපුටා ගැනීම්’ යන ග්‍රන්ථ සාම්ප්‍රදායික චීන අක්ෂරවලින්  ප්‍රකාශයට පත් කර ඇත. එය ‘සිනෝ ඒකාබද්ධ ප්‍රකාශන කණ්ඩායම’ විසින් ප්‍රකාශයට පත් කර බෙදා හැරීම ආරම්භ කෙරේ. හොංකොං පොත් ප්‍රදර්ශනය ආරම්භ වූ අද(17) දිනයේ එහිදී එම ග්‍රන්ථෙ එළි දැක්වීමේ උළෙල පැවැත්විණ.

මෙම ග්‍රන්ථ තුන, චීනයේ හොංකොං හා මැකව් කලාපයන්හි පාඨකයින්ට, නව යුගයේ ෂී ජින්පිං මහතාගේ චීන ලක්ෂණයෙන් යුතු සමාජවාදී චින්තනය හා චීන මාදිලියේ නවීකරණය පිළිබඳ සිද්ධාන්ත පද්ධතිය හා වර්ධන අවශ්‍යතාව අධ්‍යයනය කිරීමට උපකාරී වනු ඇත. එසේම තම රට, ජාතිය, සංස්කෘතිය කෙරෙහි ඔවුන්ගේ ස්වදේශික පිළිගැනීම හා අවබෝධය වැඩිදියුණු කරමින් විවිධ ජන වාර්ගික ජනතාව සමග එක්ව රටේ පුනර්ජීවනය සඳහා උද්යෝගයෙන් කටයුතු කිරීමට දිරිගැන්වීම සඳහා එම ග්‍රන්ථ විශේෂ වැදගත්කමක් ලබා දෙනු ඇත.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම