මේ වසරේ චීන ආර්ථික වර්ධන පුරෝකථනය 5% ක් දක්වා ඉහළට
2024-07-17 10:23:27
Share with:

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල 2024 වසරේ චීන ආර්ථික වර්ධන පුරෝකථනය 5% ක් දක්වා ඉහළ නංවයි.

එම සංවිධානය සිය නවතම ‘ලෝක ආර්ථික දැක්ම’ වාර්තාව නිකුත් කරමින් ඊයේ (16) මේ බව පැවසීය.

මේ වසරේ චීන ආර්ථික වර්ධන අනුපාතය 5% ක් වනු ඇති අතර, එය පසුගිය අප්‍රේල් මාසයේ කළ පුරෝකථනයට සාපේක්ෂව 0.4% ක වර්ධනයක් බව එම වාර්තාව පෙන්වා දී ඇත.

එසේම, ගෝලීය ආර්ථිකය 2024 වසරේ දී 3.2% ක් සහ 2025 වසරේ දී 3.3% ක් දක්වා වර්ධනය වනු ඇතැයි ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියයි.

නැගී එන වෙළඳ ඒකක සහ සංවර්ධනය වෙමින් පවතින ආර්ථික ඒකකයන්හි ආර්ථික වර්ධන අනුපාතය මේ වසරේ දී 4.3% ක් දක්වා ඉහළ යනු ඇත. එහෙත්, ජපානය හා ඇමරිකාව යන රටවල ආර්ථික වර්ධන පුරෝකථනය පහත වැටෙනු ඇති බව ද එම වාර්තාව පෙන්වා දී තිබේ.

මෙම වසරේ ගෝලීය සාමාන්‍ය උද්ධමන අනුපාතය 5.9% ක් වනු ඇති අතර, 2025 වසරේ දී එය 4.4% ක් දක්වා පහත වැටෙනු ඇත.

චීනය සහ ආසියානු කලාපයේ සෙසු නැගී එන ආර්ථිකයන් ගෝලීය ආර්ථික වර්ධනයේ ප්‍රධාන එන්ජිම ලෙස පවතින බව ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රථම ආර්ථික විශේෂඥ Pierre-Olivier Gourinchas මහතා කියාසිටී.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම