පැරිස් ඔලිම්පික් විකාශන කටයුතු වෙනුවෙන් චීන මාධ්‍ය සමූහයෙන් නව තාක්ෂණික පෙරළියක්
2024-07-17 20:04:17
Share with:

චීන මාධ්‍ය සමූහ‍යේ පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ විකාශනයේ විද්‍යා හා තාක්ෂණ නවෝත්පාදනයන් පිළිබඳ විශේෂ මාධ්‍ය හමුව පැවැත්වෙයි.

අද (17) බෙයිජිංහිදී පැවති එම මාධ්‍ය හමුවේදී චීන මාධ්‍ය සමූහ‍ය ස්වාධීනව සංවර්ධනය කළ ප්‍රධාන තාක්‍ෂණික නවෝත්පාදන යෙදුම් දහයක් එළිදැක්විණ.

2024 පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ සමාරම්භක හා සමාප්ති උත්සව මෙන්ම විවිධ විශේෂ වැඩසටහන් විකාශනය කිරීම සඳහා, චීන මාධ්‍ය සමූහය සම්පූර්ණ "4K අධි-පැහැදිලි + ත්‍රිමාණ ශබ්දයේ" තාක්ෂණය භාවිත කරනු ඇති බව ද ප්‍රකාශ කෙරිණ.

එම සමූහයේ 8K විකාශන ට්‍රක් රථ ප්‍රථම වරට යුරෝපයට ළඟා වන අතර, ඔලිම්පික් උළෙල සඳහා 8K ජාත්‍යන්තර මහජන සංඥා නිෂ්පාදනය සඳහා වන වගකී‍ම භාර ගැනීමට නියමිත ය. එය ඔලිම්පික් උළෙලට සහභාගී වීමේ ගමනේ දී චීන මාධ්‍ය ආයතන සිදු කරන තවත් නව පෙරළියක් වනු ඇත.

ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ විකාශනය සඳහා චීන මාධ්‍ය සමූහය නිර්මාණය කරන විවිධ අංශ මාර්ගගතව ඒකාබද්ධව නිෂ්පාදනය කිරීම ද විශේෂත්වයකි. ඊට අමතරව, විකාශන ක්‍රියාවලිය තවදුරටත් වැඩිදියුණු කිරීම සඳහා, චීන මාධ්‍ය සමූහය නව AI තාක්ෂණය භාවිත කිරීමට ද නියමිතය.



ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම