දේශීය වෛද්‍ය ජාතික ප්‍රතිපත්තියට කැබිනට් අනුමැතිය
2024-07-17 17:02:58
Share with:

ශ්‍රී ලංකාවේ දේශීය වෛද්‍ය ජාතික ප්‍රතිපත්තිය 2024 – 2034 කාලය දක්වා ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති ඇමතිවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇත. 2023 අංක 19 දරන ආයුර්වේද (සංශෝධිත) පනතින් සංශෝධිත 1961 අංක 31 දරන ආයුර්වේද පනත මඟින් රට තුළ දේශීය වෛද්‍ය ක්‍රමය ක්‍රියාත්මක කිරීමේ නීතිමය රාමුව සපයා තිබේ.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම