ප්‍රංශ ජනපති එරට අගමැතිගේ ඉල්ලා අස්වීම නිල වශයෙන් පිළි ගනී
2024-07-17 15:50:13
Share with:

අග්‍රාමාත්‍ය Gabriel Attal මහතා ප්‍රමුඛ ඔහුගේ ආණ්ඩුවේ ඉල්ලා අස්වීම ප්‍රංශ ජනාධිපති Emmanuel Macron මහතා නිල වශයෙන් පිළිගෙන ඇත.

නව රජයක් පත් කරන තෙක් වත්මන් රජය භාරකාර රජය ලෙසට අඛණ්ඩ ව ක්‍රියාත්මක වන බව ද විදෙස් මාධ්‍ය අද(17) වාර්තා කර තිබේ.

ප්‍රංශ මහා මැතිවරණයේ දෙවන වටයේ ඡන්ද විමසීමේ ප්‍රතිඵලවලට අනුව,  Attal නියෝජනය කරන දේශපාලන කණ්ඩායමට බහුතර ආසන ප්‍රමාණයක් හිමි කරගැනීමට නොහැකි වූ බැවින් ඔහු ඉකුත් 8වැනි දා ජනාධිපතිවරයා වෙත සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ඉදිරිපත් කළේය. එහෙත්, එම අවස්ථාවේ දී Macron ජනාධිපතිවරයා එය පිළිනොගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි. 

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම