චීනයේ වෙළඳ ප්‍රතිපත්තිය සමාලෝචනය කිරීමේ ලෝක වෙළඳ සංවිධාන රැස්වීම
2024-07-17 10:48:26
Share with:

චීනයේ වෙළඳ ප්‍රතිපත්තිය සමාලෝචනය කිරීම සඳහා ලෝක වෙළඳ සංවිධානයේ ශාඛා රැස්වීම පැවැත්වේ. එය ඊයේ(16) ස්විට්සර්ලන්තයේ ජිනීවාහිදී පැවැත්විණ. "මධ්‍යම හා පළාත් පාලන මට්ටමේ සිට චීනයේ ආර්ථික හා වෙළඳ ප්‍රතිපත්ති අවබෝධ කර ගැනීම" එහි තේමාවයි. ලෝක වෙළඳ සංවිධානයේ සාමාජිකයින්ට චීනයේ ආර්ථික සහ වෙළඳ ප්‍රතිපත්ති අවබෝධ කර ගැනීමට සහායවීම එහි අරමුණයයි.

චීනය විසින් උසස් තත්ත්වයේ සංවර්ධනයක් සහ ඉහළ මට්ටමේ විවෘත කිරීමක් වෙනුවෙන් අනුගමනය කර ඇති ප්‍රතිපත්ති, ක්‍රියාමාර්ග සහ ප්‍රායෝගික අත්දැකීම් පිළිබඳව, චීන විශේෂඥයෝ සහ විද්වත්හූ මෙන්ම, චීනයේ විදේශ ආයෝජන ව්‍යවසායක නියෝජිතයෝ අදාළ තොරතුරු එහිදී පැහැදිලි කළහ. ඔවුහූ ජාත්‍යන්තර සංවිධාන සහ ප්‍රවෘත්ති මාධ්‍ය හරහා 100 කට වැඩි සහභාගිවන්නන් සමඟ අන්තර් ක්‍රියාකාරකම් ද  කළහ.

වෙළඳ ප්‍රතිපත්ති සමාලෝචනයකට පෙර චීනය එවැනි උත්සවයක් පැවැත්වූ පළමු අවස්ථාව මෙයයි. ලෝක වෙළඳ සංවිධානයේ චීන නිත්‍ය නියෝජිත Li Chenggang මහතා එහිදී දේශනයක් කරමින් පැවසුවේ, සමාලෝචනය ආසන්නයේ චීනය මෙම රැස්වීම පැවැත්වීම, වෙළඳ ප්‍රතිපත්ති සමාලෝචන යාන්ත්‍රණය ශක්තිමත් කිරීම පිළිබඳ ලෝක වෙළඳ සංවිධානයේ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේ සංයුක්ත මුලපිරීමක් බවයි.

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම