චීන-ඇමරිකා සංවාදය ප්‍රවර්ධනය කිරීම සඳහා පළමුව ඇමරිකාව චීනයේ මූලික අවශ්‍යතාවලට ගරු කළ යුතු බව චීනය පවසයි
2024-07-17 17:09:15
Share with:

චීන-ඇමරිකා සංවාදය ප්‍රවර්ධනය කිරීමේ දී ඇමරිකාව චීනයේ මූලික අවශ්‍යතාවලට ගරු කළ යුතු බව චීන විදේශ අමාත්‍යංශය පවසයි.

2023 වසරේ නොවැම්බර් මසදී චීනය සහ ඇමරිකාව වොෂින්ටනයේ දී අවි ආයුධ පාලනය සහ න්‍යෂ්ටික ක්‍රියාකාරකම් ප්‍රවර්ධනය නොකිරීම පිළිබඳ සාකච්ඡා පැවැත්වූහ. එම සාකච්ඡාවේ නව වටයක් පැවැත්වීම චීනය ප්‍රතික්ෂේප කරන බවට සඳහන් කරමින් ඇතැම් ඇමරිකා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් චීනයට චෝදනා එල්ල කර ඇත. මේ සම්බන්ධයෙන් චීනයේ ප්‍රතිචාරය කුමක් ද යන්න වාර්තාකරුවෙක් අද (17) පැවති චීන විදේශ අමාත්‍යංශ නිත්‍ය මාධ්‍ය හමුවේදී විමසීය.

දීර්ඝ කාලයක් තිස්සේ ඇමරිකාව චීනයේ දැඩි විරෝධය නොසලකා චීනයේ තායිවාන ප්‍රදේශයට අවි ආයුධ විකිණීම අඛණ්ඩව සිදු කරන බව චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Lin Jian මහතා එහිදී පැවසීය. චීනයේ මූලික අවශ්‍යතාවලටත් අන්‍යෝන්‍ය විශ්වාසයටත් බරපතල ලෙස හානි කරන ඇමරිකාවේ මෙම ක්‍රියාවන්, දෙපාර්ශ්වය අතර අවි ආයුධ පාලනය පිළිබඳ සාකච්ඡා තවදුරටත් පැවැත්වීමේ වාතාවරණය බරපතල ලෙස යටපත් කර ඇති බව ඔහු පෙන්වා දුන්නේය.

එහෙයින් ඇමරිකාව සමග එම සාකච්ඡා අත්හිටුවීමට චීනය තීරණය කර ඇති අතර, මේ සම්බන්ධයෙන් ඇමරිකාව සම්පූර්ණ වගකී‍ම භාර ගත යුතු බව ද  Lin Jian මහතා අවධාරණය කර ඇත.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම