අන්‍යයන්ගේ වියදමින් තමන්ට ප්‍රතිලාභ උදාකර ගැනීම නවත්වන ලෙස චීනය නේටෝ සංවිධානය ඇතුළු අදාළ පාර්ශ්වයන්ගෙන් ඉල්ලයි
2024-07-17 09:40:33
Share with:

තමන්ගේ ක්‍රියා ගැන මෙනෙහි කරන ලෙසත්, අන්‍යයන්ගේ වියදමින් තමන්ට ප්‍රතිලාභ උදාකර ගැනීම නවත්වන ලෙසත් නේටෝ සංවිධානයට සහ ඇතැම් රටවලට සිහිපත් කරවන බව චීනය කියාසිටී. එක්සත් ජාතීන්ගේ චීන නිත්‍ය නියෝජිත Fu Cong මහතා මේ බව පැවසුවේ, ජාත්‍යන්තර පිළිවෙළ සහ බහුපාර්ශ්වික සහයෝගිතාව තේමා කරගනිමින් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ ඊයේ (16) පැවති විවෘත විවාදයට එක්වෙමිනි.

පොදු ආරක්ෂාවට බාධා කරන පීඩාකාරී පුද්ගලයන් වීම නවත්වන ලෙස ද චීන නියෝජිතයා අදාළ පාර්ශ්වවලින් ඉල්ලා සිටියේය.

ඇතැම් රටවල ඊනියා “රීති මත පදනම් වූ ජාත්‍යන්තර පිළිවෙළේ” සැබෑ අභිප්‍රාය වන්නේ තම දෙබිඩි පිළිවෙත්වලට නීත්‍යනුකූලභාවය ආරෝපණය කරමින්, පවතින ජාත්‍යන්තර නීති පද්ධතියට විකල්ප රැගෙන ඒම බව Fu Cong මහතා පැවසීය. ලෝකයේ ඇත්තේ එකම පිළිවෙළකි. එය ජාත්‍යන්තර නීතිය මත පදනම් වූ ජාත්‍යන්තර පිළිවෙළ ම පමණක් බව හෙතෙම පෙන්වා දුන්නේය. එසේම, එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ අරමුණු සහ මූලධර්ම මත ගොඩනැගෙන ජාත්‍යන්තර සබඳතාවල මූලික සම්මතයන් ලෙස ලොව ඇත්තේ එකම නීති මාලාවක් පමණක් බව ද Fu Cong මහතා අවධාරණය කළේය.

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම