ගෝලීය සංවර්ධන සබඳතාවන්හි ප්‍රමුඛ අරමුණ විය යුත්තේ ලෝකවාසී ජනතාවගේ සංවර්ධනය බව චීනය කියයි
2024-07-17 12:26:57
Share with:

ජගත් ප්‍රජාව සංවර්ධනය ප්‍රමුඛ ස්ථානයේ තබමින් ගෝලීය සංවර්ධන හවුල්කාරීත්ව සබඳතා පුනර්ජීවනය කරන ලෙස චීනය ඉල්ලාසිටී.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ චීන නිත්‍ය නියෝජිත Fu Cong මහතා මේ බව පැවසුවේ, ‘ගෝලීය සංවර්ධන මුලපිරුම පිළිබඳ මිතුරු හවුල’නියෝජනය කරමින් එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධනය පිළිබඳ උසස් පෙළේ දේශපාලන සංසදයේ පැවති පොදු විවාදයට පසුගිය 15 වනදා එක්වෙමිනි.

බහුපාර්ශ්වවාදය අනුගමනය කරමින්, සමගිය හා සහයෝගිතා ශක්තිමත් කර 2030 වසරේ තිරසර සංවර්ධන න්‍යාය පත්‍රයේ නිවැරදි ඉදිරි ගමනට යළි එක් විය යුතු බව හෙතෙම එහිදී පෙන්වා දුන්නේය.

ගෝලීය දරිද්‍රතාවට එරෙහි සහයෝගිතා ශක්තිමත් කරන ලෙස ද Fu Cong මහතා ජගත් ප්‍රජාවෙන් ඉල්ලා සිටියේය. ආහාර නිෂ්පාදනය, ගබඩා කිරීම, ප්‍රවාහනය හා අරපිරිමැස්ම යන ක්ෂේත්‍රවල සබඳතා තර කරමින් සංවර්ධනය වෙමින් පවතින රටවල ආහාර නිෂ්පාදන හැකියා ඉහළ නැංවිය යුතු ය. එසේම එම රටවලට සංවර්ධිත රටවල සහය ලබා දීම අත්‍යවශ්‍ය බව ද  හෙතෙම අවධාරණය කළේය.

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම