වසර තුනකින් පසු විදුලි ගාස්තු තවත් පහළට
2024-07-17 17:04:04
Share with:

විදුලි මිල සංශෝධනය කිරීමට සාපේක්ෂව වෙළඳපළේ ඇති භාණ්ඩ හා සේවා ගාස්තු 20%කින් පමණ අඩු කළ හැකි බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

විදුලිබිල වැඩිවන දින මධ්‍යම රාත්‍රියේම ඉහළ යන භාණ්ඩ හා සේවා ගාස්තු මිල ගණන්, විදුලිබිල අඩු කරන දිනයේ සිට පහත දමමින් ජනතාවට සහන සලසන ලෙස ව්‍යාපාරික ප්‍රජාවගෙන් ඉල්ලා සිටින බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ  ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ඊයේ (16) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමිනි.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම