ජනාධිපතිවරණ දිනය ප්‍රකාශයට පත්කිරීම ජූලි මස අවසන් වීමට පෙර
2024-07-16 15:31:44
Share with:

ජූලි මස අවසන් වීමට පෙර ජනාධිපතිවරණය පවත්වන දිනය ප්‍රකාශයට පත්කිරීමට නියමිත බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් මැතිවරණ කොමිසම් සභාවේ සභාපති, ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා  කියා සිටියේ, මෙම දිනය තීරණය කිරීමේ දී වෙනත් කිසිදු හේතුවක් බලනොපාන බවයි. ඕනෑම අයෙකුට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ ජනාධිපති පනත අනුව මෙම දිනය පිළිබඳ සලකා බැලිය හැකි බව ද රත්නායක  මහතා පැවසීය.

ඡන්ද විමසීමේ දැන්වීම නිකුත් කරන දිනයේ සිට දින 16ත් - 21ත් අතර කාලයේ ජනාධිපතිවරණ ඡන්ද විමසීම සඳහා නාමයෝජනා භාරගැනීම සිදුකළ යුතු බව ද හෙතෙම සඳහන් කළේය.  නාමයෝජනා භාරගැනීමේ දිනයේ සිට සති 4ත් - 6ත් අතර කාලය තුළ ජනාධිපතිවරණය පැවැත්විය යුතු බව ද සභාපතිවරයා එහිදී ප්‍රකාශ කර ඇත.

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම