ඇමරිකාවේ ‘උද්ධමනය අවම කිරීමේ නීතිය’ පිළිබඳ නඩුව සම්බන්ධයෙන් විශේෂඥ කණ්ඩායමක් පිහිටුවන්නැයි චීනයෙන් යෝජනාවක්
2024-07-16 15:47:21
Share with:

ඇමරිකාවේ ‘උද්ධමනය අවම කිරීමේ නීතිය’ පිළිබඳ නඩුවට අදාළව විශේෂඥ කණ්ඩායමක් ස්ථාපනය කරන ලෙස චීනය යෝජනා කරයි.

ලෝක වෙළඳ සංවිධානය වෙත ඊයේ (15) මෙම ඉල්ලීම ඉදිරිපත් කළ බව චීන වාණිජ අමාත්‍යාංශ ප්‍රකාශකයෙක් පැවසීය.

ඇමරිකාවේ ‘උද්ධමනය අවම කිරීමේ නීතිය’ යටතේ එරට සහ ලොව ඇතැම් කලාපවල නව බලශක්ති මෝටර් රථ කර්මාන්තවලට සහනාධාර සැපයීම ඇතුළු පියවර සම්බන්ධයෙන් චීනය පසුගිය මාර්තු 26 වැනිදා ලෝක වෙළඳ සංවිධානයේ ආරවුල් විසඳීමේ යාන්ත්‍රණය වෙත නඩුවක් ඉදිරිපත් කළේය. ඒ, සිය නව බලශක්ති මෝටර් රථ කර්මාන්තයේ සංවර්ධන අයිතිවාසිකම් සුරැකීම සඳහා ය. සාකච්ඡා මාර්ගයෙන් ඇමරිකාව සමග එකඟතාවකට පැමිණිය නොහැකි බැවින් චීනය ලෝක වෙළඳ සංවිධානය වෙත එම ඉල්ලීම ඉදිරිපත් කර තිබේ.

‘උද්ධමනය අවම කිරීමේ නීතිය’ට අනුකූලව අදාළ රටවල නව බලශක්ති මෝටර් රථ නිෂ්පාදනය සඳහා සහනාධාර සැපයීම මගින් චීනය ඇතුළු ලෝක වෙළඳ සංවිධාන සාමාජික රටවල නිපැයුම් ප්‍රතික්ෂේප කෙරෙන බව ද චීන වාණිජ අමාත්‍යංශ ප්‍රකාශකයා කියා සිටියේය. මෙමගින් බලශක්ති පරිවර්තන පිරිවැය ද ඉහළ යනු ඇත. කර්මාන්ත ප්‍රතිපත්ති අත්තනෝමතික ව යොදාගනිමින් ගෝලීය දේශගුණික විපර්යාසයන්ට එරෙහි සහයෝගිතාවට හානි කිරීම නතර කරන ලෙසත්, ලෝක වෙළඳ සංවිධානයේ නීති පිළිපදින ලෙසත් චීනය ඇමරිකාවෙන් යළි ඉල්ලා සිටී.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම