“ජනතා කේන්ද්‍රීය” චීන ප්‍රතිසංස්කරණ වෙනුවෙන් මග පෙන්වන නායකත්වය
2024-07-16 19:07:07
Share with:

ෂී ජින් පිං මහතා චීනයේ උත්තරීතර නායකයා බවට පත් වී ගත වූ වසර 8ක කාලය තුළ සමස්ත චීන ජනතාව මෙහෙයවමින් ජගත් ප්‍රජාවේ පොදු අවධානයට ලක්වූ දිළිඳුකම පිටුදැකීම හා ජනතාවගේ ජීවන තත්ත්වය යහපත් කිරීම වෙනුවෙන් ව්‍යාපෘති ක්‍රියාත්මක කර ඇත. ඒ ඔස්සේ චීනයේ මිලියන සිය ගණනකට ආසන්න ග්‍රාමීය ප්‍රදේශවල දිළිඳු ජනතාව දිළිඳුකමෙන් මුදවා ගනිමින් ලෝක ආර්ථික ඉතිහාසයේ ආශ්චර්යයක් පෙන්නුම් කර ඇත. එමෙන්ම එමගින් චීන කොමියුනිස්ට් පක්ෂය ජනතාව මෙහෙයවා දිළිඳුකම තුරන් කරමින් සුවපහසු සමාජයක් කරා ගමන් කිරීම පිළිබඳ පක්ෂයේ ප්‍රතිඥාව ද ඉටු කර තිබේ. 

ෂී ජින් පිං මහතා ඉදිරිපත් කළ “ජනතා කේන්ද්‍රීය” සංවර්ධන චින්තනය  චීන කොමියුනිස්ට් පක්ෂයේ ආර්ථික සමාජීය සංවර්ධනයේ සමස්ත තත්ත්වය කෙරෙහි වන ඉහළ සැලසුම්වල ඉහළම අවශ්‍යතාව බවට පත්වී ඇත. එය නව යුගයේ චීනය ප්‍රතිසංස්කරණ අංගසම්පූර්ණ ලෙස තවදුරටත් තහවුරු කිරීමේ ප්‍රධානතම දිශානතියයි.

නව යුගයට පිවිසෙන ජනතාව සඳහා පෙරට වඩා උසස් මට්ටමේ ‍‍භෞතික හා සංස්කෘතික ජීවිතයක් පමණක් නොව, ප්‍රජාතන්ත්‍රවාදය, නෛතික පාලනය, සාධාරණත්වය, යුක්තිය,  ආරක්ෂාව හා පරිසරය ආදී විවිධ ක්ෂේත්‍ර දියුණු කිරීමටත් අවශ්‍ය වී තිබේ. මේ සඳහා නිවැරදිම මාර්ගය සොයා ගත යුත්තේ ජනතාව තුළින් බව පැවසූ ෂී ජින්පිං මහතා, ජනතා අදහස් විමසා බැලීම හා රටේ ඉහළ සැලසුම් සම්පාදනය ඒකාබද්ධ කළ යුතු බව ද පෙන්වා දුන්නේය.

එමෙන්ම චීන කොමියුනිස්ට් පක්ෂය ප්‍රතිසංස්කරණ අංගසම්පූර්ණ ලෙස තවදුරටත් තහවුරු කිරීම ප්‍රවර්ධනය කිරීමේ මූලික අරමුණ වන්නේ සමාජීය සාධාරණත්වය හා යුක්තිය තහවුරු කරමින් ප්‍රතිසංස්කරණයේ හා සංවර්ධනයේ ජයග්‍රහණ වඩා වැඩියෙන් සාධාරණ ලෙස සමස්ත ජනතාවට භුක්ති විඳීමට හැකි පරිදි ප්‍රවර්ධනය කිරීම බව ද ෂී ජින් පිං මහතා අවධාරණය කර ඇත. 

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම