2030 තිරසර සංවර්ධන න්‍යාය පත්‍රය නිසි මාර්ගයට යොමු කරන්නැයි චීනය ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලයි
2024-07-16 11:20:43
Share with:

තිරසර සංවර්ධනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ ඉහළ පෙළේ දේශපාලන සංසදයේ අමාත්‍ය මණ්ඩල සමුළුව ඇරඹේ. එය, නිව්යෝර්ක් නුවර පිහිටි ජගත් සංවිධාන මූලස්ථානයේදී ඊයේ (15) ආරම්භ විය. බහුපාර්ශ්විකත්වය ප්‍රගුණ කරන ලෙසත්, තිරසර සංවර්ධනය සඳහා වූ 2030 න්‍යාය පත්‍රය නිසි මාර්ගයට යළි අවතීර්ණ කරන ලෙසත් චීන නියෝජිතයා එහිදී  ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලා සිටියේය.

එක්සත් ජාතීන්ගේ චීනයේ නිත්‍ය නියෝජිත Fu Cong මහතා පැවසුවේ, තිරසර සංවර්ධන ඉලක්ක ක්‍රියාවට නැංවීමේ ගෝලීය ප්‍රගතිය අපේක්ෂිත තත්ත්වයට වඩා බෙහෙවින් අඩු මට්ටමක පවතින බවයි. ජාත්‍යන්තර ප්‍රජාව බහුපාර්ශ්විකත්වය සහතික කරමින්, සහයෝගිතා ශක්තිමත් කළ යුතු බව ද හෙතෙම පෙන්වා දුන්නේය.

සංවර්ධිත රටවල් කාබන් විමෝචනය සැලකිය යුතු ලෙස අඩු කිරීමට පෙරමුණ ගත යුතු ය. එසේම, කාබන් උදාසීනත්වය කල්තියා සාක්ෂාත් කරමින් දේශගුණික විපර්යාස පිරිවැය දැරීම් ඇතුළු තම වගකීම් අවංකව ඉටු කළ යුතු බව ද Fu Cong මහතා පැවසීය. සංවර්ධනය වෙමින් පවතින රටවල ආර්ථික හා සමාජයීය සංවර්ධනයට බාධා කරන ඒකපාර්ශ්වික බලහත්කාර ක්‍රියාමාර්ගවලට මෙන්ම දේශගුණික විපර්යාස විසඳුම් මුවාවෙන් ක්‍රියාත්මක ආරක්ෂණවාදයට සහ හරිත වෙළඳාමට එරෙහි බාධකවලට දැඩි විරෝධය පළ කළ යුතු බවත් ඔහු පෙන්වා දුන්නේය.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම