සමකාලීන සේද මාවතේ පුරාවෘත්තය අඛණ්ඩව යළි ප්‍රතිනිර්මාණය කරන චීන-යුරෝපා දුම්රිය
2024-07-16 17:02:31
Share with:

මෙම වසරේ ධාවනය වූ 10000 වැනි චීන-යුරෝපීය භාණ්ඩ ප්‍රවාහන දුම්රිය චීනයේ Wuhan නගරයෙන් පිටත් වී ඇත. චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Lin Jian මහතා අද (16) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී ඒ පිළිබඳ තත්ත්වය විස්තර කළේය.

එම 10000 වැනි දුම්රිය පසුගිය වසරට සාපේක්ෂව දින 19 කට පෙර පිටත් වීම විශේෂත්වයකි. දින දහයකට ආසන්න කාලයකින් එම දුම්රිය ජර්මනියට පැමිණෙනු ඇති අතර, එය සාමාන්‍ය දුම්රිය ධාවන කාලයට වඩා 30% කින් පමණ අඩු බව ද වාර්තා වෙයි.

මෙම වසරේ මේ දක්වා, චීන-යුරෝපීය භාණ්ඩ ප්‍රවාහන දුම්රිය මගින් සම්මත භාණ්ඩ පෙට්ටි මිලියනයකට වඩා බෙදා ඇති අතර, එය නිෂ්පාදන හා සැපයුම් දාමයේ ස්ථායිතාව සහ චීන-යුරෝපීය ආර්ථික හා වෙළඳ හුවමාරු ප්‍රවර්ධනයට ශක්තියක් බව Lin Jian මහතා එහිදී පෙන්වා දුන්නේය. මේ වන විට, චීන-යුරෝපීය දුම්රිය යුරෝපීය රටවල් 25 ක නගර 224 කට ළඟා වී ඇති අතර, ආසියානු රටවල් 11 ක 100 කට වැඩි නගර සම්බන්ධ කර ඇති බව ද ඔහු පැවසීය.

ඉදිරියේදී චීන-යුරෝපා දුම්රිය වඩා උසස් තත්ත්වයක්, උසස් කාර්යක්ෂමතාවයක් සහ වැඩි ආරක්ෂාවක් සහිත සංවර්ධනයක් ළඟා කර ගනිමින්, ලෝක ආර්ථිකය ප්‍රවර්ධනය කර සමකාලීන සේද මාවතේ පුරාවෘත්තය අඛණ්ඩව යළි ප්‍රතිනිර්මාණය කරනු ඇති බව ද Lin Jian මහතා ප්‍රකාශ කර ඇත.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම