විවෘත මනසකින් ලොව දකින චීන නායකයා
2024-07-16 16:38:44
Share with:

2018 අප්‍රේල් මාසයේදී, Hainan පළාත් විශේෂ ආර්ථික කලාපය ස්ථාපනය කිරීමේ 30 වැනි සංවත්සරය සැමරීමේ සම්මන්ත්‍රණයක් Haikou නගරයේ දී පැවැත්විණ. චීන ජනාධිපති ෂී ජින් පිං මහතා එහිදී ප්‍රකාශ කළේ,  Hainan පළාත නිදහස් වෙළඳ නියමු කලාපයක් ලෙස වැඩිදියුණු කිරීමට චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීරණය කර ඇති බවයි.                                  

නව විවෘත ආර්ථික ක්‍රමයක් ගොඩනැගීම, ෂී ජින් පිං මහතාටම විශේෂිත වූ "විවෘත සංවර්ධන" සංකල්පයේ ප්‍රමුඛ අංගයකි. ෂී ජින් පිං මහතා නිදහස් වෙළඳ නියමු කලාප සහ නිදහස් වෙළඳ වරායන් වැනි විවෘත ආර්ථික වේදිකා ඉදිකිරීම වේගවත් කරමින්, විවිධ ආයතනික බාධක බිඳ දැමීමට පියවර ගනිමින් සිටී. එසේම, ඊට සමගාමී ව ආයතනික ඒකාබද්ධතා නවෝත්පාදන ප්‍රවර්ධනය කෙරෙහි ද ඔහු අවධානය යොමුකර තිබේ. 2013 වසරේ සිට, නිදහස් වෙළඳ නියමු කලාප 22 ක් අදියර 6 ක් යටතේ ස්ථාපිත කර ඇත. මෙමගින් චීනයේ නැගෙනහිර, බටහිර, දකුණ, උතුර සහ මධ්‍යම කලාප ආවරණය වන අතර, වෙරළබඩ, අභ්‍යන්තර සහ දේශසීමා ප්‍රදේශ සම්බන්ධීකරණය කරමින් ප්‍රතිසංස්කරණ සහ විවෘතභාවය පිළිබඳ නව ආකෘතියක් ද  පිහිටුවීමට ද පියවර ගෙන තිබේ.

මේ අනුව, සියලුම රටවල් සඳහා පොදු විවෘතභාවය ප්‍රවර්ධනය කිරීමටත්,  තම රට ලෝකයට විවෘත කිරීමටත් චීන නායකයා පෙරමුණ ගනිමින් සිටින්නේ, විවෘත මනසකින් ලොව දැකීමේ චින්තනය මැනැවින් පිළිබිඹු කරමිනි. ලෝකයෙන් බැහැර වී චීනයට දියුණු විය නොහැකි බවත්, ලෝක සමෘද්ධිය සාක්ෂාත් කිරීම සඳහා චීනය අවශ්‍ය බවත් හෙතෙම පෙන්වා දී තිබේ. අන්‍යෝන්‍ය යහපත පෙරදැරි කරගත්, ජයග්‍රාහී විවෘතභාවයේ උපායමාර්ගයක් චීනය නොසැලී අනුගමනය කරනු ඇත. ලෝකයෙන් සංවර්ධන ගම්‍යතාව ලබාගනිමින් චීනයේ දියුණුව සහතික කිරීමට සමගාමීව ලෝකයට වඩාත් ප්‍රතිලාභ හා ප්‍රයෝජන තිළිණ කරන බවට ද ෂී ජින් පිං මහතා ප්‍රතිඥා දී තිබේ.

චීන ජනාධිපතිවරයා විසින් මෙහෙයවනු ලබන ජයග්‍රාහී ගෝලීය සහයෝගිතාවයේ නූතන සාක්ෂාත් කිරීම් ඔස්සේ, චීන කොමියුනිස්ට් පක්ෂයේ මෙහෙයවීම යටතේ, තම රටේ විවෘතභාවයේ සිට ලොව සියලුම රටවල පොදු විවෘතභාවය ප්‍රවර්ධනය කිරීම පිළිබඳ ඓතිහාසික පරිවර්තනයක් ඉටුකිරීමට චීනය සමත් ව ඇත. එය ගෝලීය සංවර්ධනයට ජීව ශක්තිය එන්නත් කර ඇති බව ඇතැම් විචාරකයෝ පෙන්වාදෙති.  

2022 වසරේ චීනයේ විශේෂ බිත්තර වී බොට්ස්වානා හි සාර්ථකව අත්හදා බැලිණ. ජල සැපයුම් කාර්යක්ෂමතාව සහ නියඟයට ඔරොත්තු දීමේ හැකියාව එම වී ප්‍රභේදය සතුව ඇත.

චීන-ලාඕස දුම්රිය මාර්ගය 2021 වසරේ දෙසැම්බර් 3 වැනිදා නිල වශයෙන් විවෘත කෙරිණ. එය ‘එක් තීරයක් එක් මාවතක්’ වැඩසටහනේ අතිසාර්ථක පියවරක් ලෙස හැඳින්විය හැකිය.

ගුවන් විදුලිය
20241015අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම