“උරුමය” වැඩසටහන යටතේ ජනතාවට ඉඩම් අයිතිය ලබා දෙන්නේ ඉඩම් සංවර්ධන ආඥා පනතට අනුවයි- ජනපති
2024-07-15 15:29:32
Share with:

උරුමය වැඩසටහන 2002, 2003 වසරවල මේ රටේ ක්‍රියාත්මක කිරීමට තිබූ වැඩසටහනක් වන අතර අධිකරණ තීන්දුවක් හේතුවෙන් එය නවතා දැමීමට සිදු වූ බවත්, එහිදී එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට අවස්ථාව හිමි වූයේ නම් මීට වසර 20කට පෙර මෙරට ජනතාවට සින්නක්කර ඉඩම් අයිතිය  ලබාදීමට හැකිව තිබූ බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අධිකරණ බලය පවතිනුයේ පාර්ලිමේන්තුව තුළ බව සිහිපත් කළ ජනාධිපතිවරයා, පාර්ලිමේන්තුවේ විධායක බලයට අධිකරණය මැදිහත් නොවිය යුතුය යන ස්ථාවරයේ සෑමවිටම සිටින බව ද සඳහන් කළේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කියා සිටියේ මහියංගනය මහජන ක්‍රීඩාංගණයේදී ඊයේ (14) පැවති උරුමය සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීමේ වැඩසටහනට එක් වෙමිනි.

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම