උතුරේ රාජ්‍ය සේවකයන්ට ජාතියේ ප්‍රණාමය හිමි වන බව අගමැති පවසයි
2024-07-15 15:38:31
Share with:

වැඩ වර්ජන වෙනුවට ජනතා අවශ්‍යතා ඉටු කිරීමට මුල් තැන දුන් උතුරේ රාජ්‍ය සේවකයන්ට ජාතියේ ප්‍රණාමය හිමි වන බව අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි. අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, යාපනය පුස්තකාල ශ්‍රවණාගාරයේදී පසුගිය දා පැවති උතුරු පළාතේ පළාත් පාලන ආයතනවල සේවකයන්ට ස්ථිර පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ උත්සවයට එක් වෙමිනි.

පසුගිය මාස 24 තුළ ආර්ථික අභියෝගය ජය ගැනීමට රටවැසියන්ගෙන් ලැබුණු සහය හේතුවෙන් ජාත්‍යන්තර වශයෙන් විශ්වසනීයත්වයක් නිර්මාණය වූ බවත් මේ වනවිට සාධනීය වර්ධනයක් සාක්ෂාත් කරගැනීමට හැකිව තිබෙන බවත් අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා එහිදී වැඩිදුරටත් සඳහන් කර ඇත.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම