දේශයේ සැබෑ ප්‍රතිසංස්කරණ වෙනුවෙන් කැපවන චීන ජනපති
2024-07-15 15:10:38
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂයේ 18 වැනි ජාතික කොංග්‍රසයෙන් පසු පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහ ලේකම් ෂී ජින්පිං මහතා ස්ථිර දේශපාලන අධිෂ්ඨානයකින් හා වගකීමකින් යුතුව ප්‍රතිසංස්කරණ අංගසම්පූර්ණ ලෙස තවදුරටත් තහවුරු කිරීමට නායකත්වය ලබා දුන් අතර චීන ලක්ෂණ සහිත නවීකරණ වැඩපිළිවෙළ උදෙසා නව පරිච්ඡේදයක් ඇරඹීමට ශක්තිය ලබා දී ඇත. 

ගෙවුණු දශකය තුළ, ෂී ජින් පිං මහතා චීනයේ විවිධ ප්‍රදේශවල, නගර හා ගම්බිම්වල , කම්හල්වල හා ගොවිබිම්වල සිටින ජනතාවගේ හඬට සවන් දෙමින් ඔවුන්ගේ ගැටළු විසඳීමේ යාන්ත්‍රණය සකස් කරමින් සිටී. චීන ජනතාවගේ යහපත වෙනුවෙන්, චීන ජාතියේ පුනර්ජීවනය වෙනුවෙන් උත්සාහ දැරීම, චීන කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකයන්ගේ මූලික අභිප්‍රාය හා වගකීම බවත් එය ප්‍රතිසංස්කරණ හා විවෘතභාවයේ ද ප්‍රමුඛ අරමුණ හා වගකීම බවත් හෙතෙම පැවසීය. 

නව යුගයේ ප්‍රතිසංස්කරණ ඒකාබද්ධව වඩාත් සුවිශේෂ නව පරිච්ඡේදයකට යොමු කිරීම උදෙසා බිලියන 1.4ක් වූ සමස්ත චීන ජනතාවට මග පෙන්වමින් ෂී ජින් පිං මහතා ඊට අවැසි නායකත්වය ලබා දෙනු ඇත. 

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම