චීන-ඉරාන අංගසම්පූර්ණ උපායමාර්ගික හවුල්කාරිත්වයේ සංවර්ධනය වෙනුවෙන් කටයුතු කරන බවට චීනයෙන් ප්‍රකාශයක්
2024-07-15 18:14:59
Share with:

ඉරාන නව රජය සමග චීන-ඉරාන අංගසම්පූර්ණ උපායමාර්ගික හවුල්කාරිත්වය තිරසර හා ස්ථාවරව ඉදිරියට ගෙන යාමට සූදානම් බව චීනය ප්‍රකාශ කරයි.

චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක ලින් ජියන් මහතා එසේ ප්‍රකාශ කළේ අද(15) බෙයිජිංහි පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. චීනය සමග සාම්ප්‍රදායික මිත්‍රත්වය අගයන ඉරානය නව ජාත්‍යන්තර පටිපාටියක් ගොඩනැගීමේදී චීනය සමග සහයෝගිතා පුළුල් කිරීමට අපේක්ෂා කරන බවත් ඉරාන-සෞදි අරාබි සම්බන්ධතාවය විධිමත් කිරීමේදී චීනය ඉටු කළ කාර්යභාරය වෙනුවෙන් ප්‍රශංසාව පළ කරන බවත් ඉරාන ජනපති ලෙස පත් වූ Masoud Pezeshkian මහතා පුවත්පතකට ලිපියක් යොමු කරමින් ප්‍රකාශ ක‍ළේය. මේ පිළිබඳ චීනයේ ප්‍රතිචාරය කුමක් දැයි යන්න මෙහිදී විමසා ඇත.

Masoud Pezeshkian ජනාධිපතිවරයා චීන-ඉරාන සම්බන්ධතාවය පිළිබඳව දැක්වූ ස්ථාවරය චීනයේ පැසසුමට ලක් වන බව ලින් ජියන් මහතා කියා සිටියේය. ඉරානය සමග පවතින සම්බන්ධතාවයට උපරිම වැදගත්කමක් ලබා දෙන චීනය ඉරාන නව රජය සමග දෙරට අංගසම්පූර්ණ උපායමාර්ගික හවුල්කාරිත්වය තිරසර හා ස්ථාවරව ඉදිරියට ගෙන යාමට කැමති බව ද හෙතෙම  ප්‍රකාශ කර ඇත.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම