තායිවාන ප්‍රශ්නයේදී සීමාව ඉක්මවා යාමට උත්සාහ කළහොත් වන්දි ගෙවීමට සිදු වන බවට චීනයෙන් ප්‍රකාශයක්
2024-07-15 17:19:24
Share with:

තායිවාන ප්‍රශ්නයේදී සීමාව ඉක්මවා යාමට උත්සාහ කළහොත් වන්දි ගෙවීමට සිදු වන බව චීනය පවසයි.

පසුගිය 12 වනදා චීනය ඇමරිකාවේ අවි ආයුධ සමාගම්වලට හා එහි ජ්‍යෙෂ්ඨ කළමනාකරුවන් 5 දෙනෙකුට එරෙහිව සම්බාධක පනවා ඇති බව චීන විදේශ අමාත්‍යංශය නිවේදනය කරයි.මේ සම්බන්ධයෙන් අද (15) පැවති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක Lin Jian මහතා මේ බව ප්‍රකාශ කළේය.

චීනයේ තායිවාන ප්‍රදේශයට අවි ආයුධ අලෙවි කරන ඇමරිකාවේ ප්‍රධාන කොන්ත්‍රාත්කරුවන්ට, ජ්‍යෙෂ්ඨ කළමනාකරුවන් පිරිසකට හා මෑත වසර කිහිපය තුළ ඇමරිකාව චීනයේ තායිවාන ප්‍රදේශයට අවි ආයුධ අලෙවි කිරීම්වලට හෝ ඊනියා “තායිවාන -ඇමරිකා ආරක්ෂක කර්මාන්තය පිළිබඳ සාකච්ඡා මණ්ඩපයට” එක්වූ අවි ආයුධ සමාගම්වලට එරෙහිව චීනය මෙම නීත්‍යනුකූල සම්බාධක පනවා ඇත. 

සිය රටේ ස්වාධිපත්‍යය හා භෞමික අඛණ්ඩතාව සුරක්ෂිත කිරීමේ චීන රජයේ හා ජනතාවගේ දැඩි අධිෂ්ඨානය සහ හැකියාව කිසිදු රටක්, සංවිධානයක් හෝ පුද්ගලයෙකු අවතක්සේරු නොකළ යුතු බව ද Lin Jian මහතා එහිදී ප්‍රකාශ කළේය. තායිවාන ප්‍රශ්නයේදී සීමාව ඉක්මවා යාමට උත්සාහ කළහොත් නිසැකවම වන්දි ගෙවීමට සිදු වන බව චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශකයා වැඩිදුරටත් අවධාරණය කර ඇත.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම