අඛණ්ඩ ආත්ම විශ්වාසය පිළිබඳ චීන ජනපතිගේ අදහස් ඇතුළත් ලිපියක් හෙට‘Qiushi’ සඟරාවේ
2024-07-15 17:12:49
Share with:

 ‘අඛණ්ඩව ආත්ම විශ්වාසයෙන් ස්වාධීනව කටයුතු කළ යුතුය’ මැයෙන් රචිත චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ අදහස් ඇතුළත් ලිපිය හෙට (16) ‘Qiushi’ සඟරාවේ 14 වැනි කලාපයේ පළ කෙරේ. එම ලිපිය තුළ 2013 ජනවාරි සිට 2024 මාර්තු දක්වා ෂී ජින් පිං මහතා‍ සිදු කළ වැදගත් ප්‍රකාශයන්හි උපුටා ගැනීම් අන්තර්ගත ය.

චීන කොමියුනිස්ට් පක්ෂයේ සියවසක සාර්ථක සංවර්ධනය, පක්ෂයේ නායකත්වය සමග ජනතාවගේ ස්වාධීන ගවේෂණයෙන් ලද ප්‍රතිඵලය බවත්, මාක්ස්වාදයේ චීන පරිච්ජේදය චීන කොමියුනිස්ට්වාදීන්ගේ ප්‍රායෝගික ක්‍රියාවන් ඔස්සේ නිර්මාණය වූ බවත් එම ලිපිය අවධාරණය කරයි. චීනයේ ප්‍රශ්න, චීනයේ ජාතික තත්ත්වය මත පදනම්ව චීන ජනතාව විසින්ම විසඳිය යුතු බව ද එම ලිපියෙන් පෙන්වා දෙයි.

චීන ලක්ෂණ සහිත සමාජවාදී ක්‍රමය වැඩිදියුණු කිරීම රටේ ප්‍රතිසංස්කරණ පුළුල් ලෙස ක්‍රියාත්මක කිරීමේ අරමුණ වන බව එහි සඳහන් කෙරේ. එමෙන්ම රටෙහි සංවර්ධන ක්‍රමය කෙරෙහි දැඩි විශ්වාසයකින් යුතුව කටයුතු කරමින් එහි පවතින දුර්වලතා අවම කිරීමට ක්‍රියා කළ යුතුය. චීන ලක්ෂණ සහිත සමාජවාදය අඛණ්ඩව ළඟා කර ගැනීමත් සමග, සංවර්ධන ක්‍රමය වඩාත් පරිණත වෙමින් චීනයේ සමාජවාදී ක්‍රමයේ උසස් බව තවදුරටත් පෙන්නුම් ‍කරනු ඇත. එමෙන්ම චීනයේ සංවර්ධන මාවත සමස්ත ලෝකයට ඵලදායී බලපෑමක් ඇති කරනු ඇති බව ද එම ලිපිය මගින් අවධාරණය කර ඇත.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම