සමස්ත ගෝලීය යහපත ඉටු කරන චීන ආර්ථිකයේ වර්ධන ප්‍රවණතාව
2024-07-15 20:19:58
Share with:

මෙම වසරේ මුල් භාගයේ චීනයේ දළ දේශීය නිෂ්පාදිතය චීන යුවාන් බිලියන 61683.6 ක් විය. එය පසුගිය වසරේ සමාන කාලසීමාවට සාපේක්ෂව 5%ක වැඩිවීමකි. චීනයේ නිෂ්පාදනය ස්ථාවර ලෙස වර්ධනය වෙමින් පවතින අතර, සමස්ත ඉල්ලුම අඛණ්ඩව යථා තත්ත්වයට පත්වෙමින් නව කර්මාන්ත වේගවත්ව වර්ධනය වීමේ ප්‍රවණතාවක් ද පෙන්නුම් කරයි.

මේ ඔස්සේ සමස්ත ලෝකයට ලබාගත හැකි නව අවස්ථා පිළිබඳ විමසීමේ දී චීනය සතු මහා පරිමාණ වෙළෙඳපොළ එයට ඇති පළමු පිළිතුර වනු ඇත. මෙම වසරේ මුල් භාගයේදී, චීනයේ පාරිභෝගික භාණ්ඩවල සමස්ත සිල්ලර විකුණුම් පසුගිය වසරේ සමාන කාල පරිච්ඡේදයට සාපේක්ෂව 3.7% කින් ඉහළ ගොස් ඇති අතර, අන්තර්ජාල සිල්ලර විකුණුම් 9.8% කින් වැඩි වී ඇත. ඒ ඔස්සේ විදේශ ආයෝජන විශාල ප්‍රතිලාභයක් හිමි කර ගෙන තිබීම විශේෂත්වයකි. මෑත වසරවල ඩිජිටල් නවෝත්පාදනයන් සහ චීන සමාගම් සමග සහයෝගීතාව මගින් සිය සමාගමේ ලාභය ස්ථාවර වර්ධනයක් අත්කර ගත් බව ජර්මනියේ සුප්‍රසිද්ධ Bayer සමාගම පවසා ඇත.

මේ අතර චීන ආර්ථිකයේ උසස් තත්ත්වයේ සංවර්ධනය බහුජාතික සමාගම්වලට නව අවස්ථා ද ගෙන දී ඇත. වර්තමානයේ චීන කර්මාන්තවල නවෝත්පාදන සහ හරිත ප්‍රවණතාව පැහැදිලිව දැක ගත හැකිය. එය විදේශ වෙළඳාම තුළ ද පොදු ලක්ෂණයක් වී තිබේ. මීට අමතරව, චීන ප්‍රතිපත්තිවල ස්ථාවරත්වය සහ අඛණ්ඩතාව විදේශීය සමාගම්වලට පුළුල් සංවර්ධන අවකාශයක් විවර කර ඇත.

චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි මධ්‍යම කාරක සභාවේ 3 වැනි පූර්ණ සැසිය අද (15) බෙයිජිංහිදී ආරම්භ විය. ප්‍රතිසංස්කරණ අංගසම්පූර්ණ ලෙස තවදුරටත් තහවුරු කරමින් චීන ලක්ෂණ සහිත නවීකරණය ඉදිරියට පවත්වාගෙන යාම පිළිබඳව එම සැසිය තුළදී උපායමාර්ග සකස් කෙරෙනු ඇත. ජාත්‍යන්තර ප්‍රජාවේ පොදු අපේක්ෂාව ඉටු කරමින්, චීනය අඛණ්ඩව ‘ලෝකයේ යහපත්ම වර්ධන අපේක්ෂාව’ සනිටුහන් කර ඉදිරියටත් බහුජාතික සමාගම්වලට නව අවස්ථා ගෙන දෙනු ඇතැයි විශ්වාස කෙරේ.

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම