ඊශ්‍රායලය සිදුකරන අපරාධ වළක්වා ගැනීමේ වගකීම භාරගන්නැයි සිරියාව ජගත් සංවිධානයෙන් ඉල්ලයි
2024-07-15 09:41:52
Share with:

ඊශ්‍රායලය සිරියාව වෙත එල්ල කරන අඛණ්ඩ ප්‍රහාර තීව්‍ර වී ඇති අතර, එම තත්ත්වය පාලනය කිරීමට අපහසු දරුණු ප්‍රතිවිපාකවලට තුඩු දෙනු ඇතැයි සිරියාව කියාසිටී. එරට විදේශ අමාත්‍යාංශය ඊයේ (14) මේ බව ප්‍රකාශ කළේය.

ඊශ්‍රායල හමුදා ඊයේ (14) දකුණු සිරියාවේ රජයේ හමුදා කඳවුරු කිහිපයකට සහ ඩමස්කස් හි නේවාසික ගොඩනැගිල්ලකට ගුවන් ප්‍රහාර එල්ල කළේය. ඉන් එක් සෙබළෙකු මිය ගිය අතර, තිදෙනෙක් තුවාල ලැබූහ.  

මෙම ප්‍රහාරය දැඩි ලෙස හෙළාදකින සිරියාව, ඊශ්‍රායලය සිදුකරන මෙවැනි අපරාධ වළක්වා ගැනීම සඳහා සිය වගකීම හා යුතුකම ඉටු කරන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලා සිටී.

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම