Donald Trump ගේ රැලියට වෙඩි තැබීමක්: මෙවැනි ප්‍රචණ්ඩ ක්‍රියා අනුමත කළ නොහැකි බව Joe Biden පවසයි
2024-07-14 16:10:58
Share with:

හිටපු ඇමරිකානු ජනාධිපති Donald Trump ඊයේ(13) Pennsylvania ප්‍රාන්තයේ පැවති මැතිවරණ ප්‍රචාරක රැලියකදී වෙඩි ප්‍රහාරයකට ලක් විය. රහස් ආරක්ෂක සේවාව යටතේ ඔහු වහාම වේදිකාවෙන් ඉවත් කෙරිණ. සජීවී විකාශනය පෙන්නුම් කළේ Donald Trump ගේ දකුණු කණ අසල රුධිරය වහනය වී ඇති බවයි. Donald Trump ආරක්ෂිතව සිටින බව ඇමරිකානු රහස් ආරක්ෂක සේවා නිලධාරීන් මාධ්‍ය වෙත තහවුරු කර ඇත.

මෙම තොරතුරු ලැබීමෙන් පසු ඇමරිකානු ජනාධිපති Joe Biden කියා සිටියේ, Donald Trump ආරක්ෂිතව සහ සුවෙන් සිටින බවට දැන ගැනීමෙන් තමා සතුටට පත් වූ බවයි. ඇමරිකාව මෙවැනි ප්‍රචණ්ඩ ක්‍රියා නොඉවසන බව හෙතෙම පැවසීය.

සිද්ධියට අදාළ තුවක්කුකරු ආරක්ෂක අංශ වෙඩි පහරින් මියගොස් තිබේ. රැලියට සහභාගී වූ අයෙකු ද මිය ගිය අතර, තවත් දෙදෙනෙක් බරපතල තුවාල ලැබූහ. නීතිය බලාත්මක කිරීමේ නිලධාරීන් පැවසුවේ වෙඩි තැබීම "ඝාතන තැතක්" ලෙස නම් කළ ද එය මිනීමැරුමක් ලෙස සලකා විමර්ශන සිදු කරන බවයි.

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම